Saturday, November 19, 2011

බබාලා නිදිද ? ….

මේ දවස් වල සාමාන්‍යයෙන් ඔෆිස් ඉඳලා ගෙදර යන්නේ ටිකක් රෑ වෙනවා… අලුත් තැනකට ආවම ටිකක් එක විදියකට ඉන්න එපාය… රස්සාව ස්ථිර කරන කල් වත්. දවසක් ඒ වගේ යන කොට බස් එකේ මගේ පිටිපස්සේ ෂිට් එකේ ඉදපු කෙනා කෝල් එකක් ගන්නවා, උස් හඩින් කතා කරන නිසා මටත් ටිකක් පැහැදිලිව ඇහෙනවා මොනවද කතා කරන්නේ කියලා.

"බබාලා නිදිද ? …. දැන් ගොඩක් වෙලා වෙනවද…
බැරිද කතා කරලා තියා ගන්න, තාත්ති එනවා කියලා…
ඔව් ඔව් මම මේ කිට්ටුව ඉන්නේ ගෙදරට මොනවත් ගෙන්න ඕනිද ?
දෙන්නව පොඩ්ඩක් තියාගන්න බලන්න… දවස් දෙකකින්  කතා කරන්න බැරි වුනා…."

උදේ ට ගෙදරින් පිටවෙද්දිත් ආපහු හවසට ගෙදර යන කොටත් පොඩි දරුවන් නිදි… සති අන්තේ දීවත් මේ හුඟ දෙනෙක් ට ගෙදර ඉන්න විදියක් නෑ… ගෙදර වැඩ, එහෙමත් නැත්නම් තවත් විවිධාකාර වැඩ.දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව සුරතල් කරන්න ඒ අයගේ උවමනා එපා කම් සොයා බලන්න වෙලාවක් නෑ, ඔවුන්ට ආදරෙන් කතා කරන්න වෙලාවක් නෑ, පුදුම විදියට අවිවේකී වුන ජීවන රටාවක තමයි ජීවත් වෙන්නේ…අම්මා තාත්තා දෙන්නාම වැඩට යනවා නම් ගොඩක් වෙලාවට පොඩි උන්ට දවල් දවස ගෙවන්න වෙන්නේ "දිවා සුරැකුම්" මධ්‍යස්ථානයක. පාසල් යන්න වයසක නම් උදේ වරුව පාසලේත් සවස් වරුව අමතර පන්තිවල. ඉතින් දරුවන්ට කොහෙන් ද අම්මා තාත්තා එක්ක ඉන්න වෙලාවක්, දෙමාපියන්ට කොහෙන්ද ළමයි එක්ක ඉන්න වෙලාවක්.

යන්තම් තේරෙන වයස එන කොටම මේ පොඩි වුන් තමුන්ට ගෙදරින් ලැබුනේ නැති ආදරය කරුණාව වෙන විදියකට හොයාගන්න පෙලඹෙන එක අහන්න දෙයක්  නෙවේයි. ඊට පස්සේ ඒ ළමයි ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක… ඒක කවදාවත් නොදැකපු අත්විදපු නැති ඒ වගේම සීමා මායිම් නොදන්න අමුතුම ලෝකයක්… ඒහෙම ඇවිදගෙන යද්දී පාර වැරදිලා අතරමං වුන ළමයින් අපිට නොයෙක් වෙලාවට දකින්න ලැබෙනවා… හැබැයි ඒ හුඟ දෙනෙක්ගේ අම්මා තාත්තලාට ගොඩක් සල්ලි තියනවා.

No comments:

Post a Comment