Wednesday, June 1, 2011

තව තලප ටිකක් කමු ද ?

කන බොන කස්ටිය ඉන්න අඩවියක පසුගිය දවසක "තලප" ගැන ලියැවිලා තියනවා දැකල මට එකට පොඩි ඌණ පුර්ණයක් එකතු කරන්න හිතුණා.
ඇත්තටම "තලප" කියන්නෙ උෂ්ණාධික ආහාරයක් වගේම ටිකක් විතර බර ආහාරයක්. දියවැඩියවට, අධික රුධිර පීඩනයට හරිම ගුණ ගෙනදෙන ආහාරයක්. හදා ගන්න හරිම ලෙහෙසියි. ටිකක් ලොකු භාජනයකට වතුර ටිකක් උණු කරගන්න ඕන,වතුර හොදින් නටන කොට ඒ වතුර එකට කුරක්කන් පිටි එකතු කරල හොදට කවලම් කරන්න ඕන. සාමාන්යරයෙන් විනාඩි 15ක් විතර මේක තම්බාගන්න ඕන. ඒ සදහා තුන් වරක් වතුර දන්න ඕන කියලයි කියන්නෙ. ඒ කවලම් කරන එක අපි දැකල පුරුදු හැන්දකින් කරන්න බැහැ.එකට තියනවා "තලප කූරක්" කියල, එක හොඳට හයිය තියන ලීයකින් හදා ගනිපු දිග කූරක්. මේකෙන් තලප හොඳට තැම්බෙන කල් කූරු ගානවා. ඊට පස්සෙ තලප ටික වට්ටියකට දාල තරමක් ලොකු කොටස් වලට වෙන් කරගෙන ගුලි කරගන්නව. උණු වතුර ටිකක් අතේ තවරා ගෙන මෙක කරනව නම් තලප අතේ ඇලෙන්නෙ නෑ, හැබැයි තලප නිවෙන්න කලින් ඒ කියන්නෙ ලිපෙන් බාපු ගමන් ම මේක කරන්න ඕන. මොකද තලප නිවුනා ම ගුලි කරන්න අමාරුයි. කන්නත් ඒ වගේ ම තමයි, එකත් නිවෙන්න කලින් කරන්න ඕන. ඇත්තටම අපි කිව්වට තලප කනව කියල තලප කන්නෙ නෑ. කරන්නෙ තලප පොඩි කැල්ලක් ලොකු තලප ගුළියෙන් කඩා ගෙන එක හොඳට හොදි වල තවරලා ගිලින එකයි. තවත් එකක් තලප කනකොට එකට ගන්න හොදි වලට කියන්නෙ "ආනම" කියල. අපේ ගම් පලාත වන ගිරුවාපත්තුවේ නම් අනම් වර්ග බොහොමයි. තලප වගේම තමයි ආනම හදා ගන්න හරිම ලෙහෙසියි.
නමුත් මම මගේ ඇස් දෙකෙන්නම දැකල තියනව ඔය කොළඹ රටේ උදවිය තලප හොඳට විකල (බත් කනව වගේ ) ගිලින හැටි. ඒ අය කරන්නෙ තලප කනවට වඩා වතුර බොන එක. ඇයි ඒ අයගේ දත් වලයි උගුරේයි තලප ඇලිල, එක නිසා වතුර බොනවා. ඒ වගේම සමහර (කොළඹ) අය සිනී පොඩ්ඩකුත් තලප හදන කොට එකතු කරනවා. ( දවසක් මම TV එකේත් දැක්ක නිවේදක මහත්තයෙක් තලප ගැන ලොකු විස්තරයක් කරන ගමන් චූඉන්ගම් හපනවා වගේ තලප හොඳට "විකල කැවා" ).
මම කලින් කියපු ලිපියෙ නම් තිබුනා තලප හදන කොට ලුණු ටිකක් දානව කියල. නමුත් එක පසු කාලෙක අපෙ අය කරන්න ගත්තු දෙයක්. මොකද ඉස්සර ඔය වියලි කලාපෙ ජීවත් උන හේන් ගොවිතැන් කරන උදවිය ලුණු භාවිතා කරනව බොහොම අඩුයි, වල් අලිය නිතර ගැවසෙන ප්රවදේශ වල ලුණු තියාගන්න එක බොහොම භයානක නිසා.
මම කලිනුත් කිව්වා අනම් වර්ග ගොඩක් තියනවාය කියලා. දැන් කියන්නම් ගිරුවායට ආවේණික වෙන ආනමක් ගැන. මේකට කියන්නෙ "ගොඩ හොද්ද" කියල.
රතුළුනු, උම්බලකඩ ( වියළි දඩමස් ) හීනියට ලියල මැටි හට්ටියකට දමා ගන්නව. එකටම සියඹලා ටිකක් එකතු කරනව. මේකට අමුමිරිස් සහ ගම්මිරිස් එකතු කරන්නෙ හොඳට අඹරලා, කරපිංචා ටිකකුත් ඕන වෙනව. දැන් මේකට හොඳට නටන උණුවතුර අවශ්ය ප්රඑමාණයට එකතු කරන්න ඕන. ලඟ පාත තක්කාලි ගෙඩියක් තියනව නම් එකත් එකතු කරගන්න. හැබැයි තක්කලි ගෙඩිය ලිපේ අලු යට දාල ගත්තොත් තමයි වඩා රස. තියනවා නම් පොල් කෑලි කිහිපයක් එකතු ගන්න නැතත් කමක් නෑ. මේක විනාඩි දෙක තුනක් වහල තියන්න ඕන.
බලන්න මොනතරම් පහසු ද කියල. මේ විදියට හදා ගන්න ආනම් වර්ග බොහොමයි. තලප එක්ක ඒවගෙ රස කියල වැඩක් නෑ. ඇත්තටම අපි ගෙදර කන කනබොන කැම බීම, හේනකදි, කුඹුරකදි කනකොට ගෙදරදි කනවට වඩා ගොඩක් කන්න පුලුවන් එවගෙම තමයි රස. කුරහන් (කුරක්කන් ), තලප පාදක,පසුබිම් කරගනිපු සාහිත්‍ය අංග, ජනප්‍රවාද බොහොමයක් අපිට හමුවෙනව. එවා දිහා හොඳට බැලුවොත් පෙනේවි කුරහන් කියන්නෙ එදා අපිට නැතුවම බැරි දෙයක් වෙලා තිබුනු වග. එකට පොඩි උදාහරණ ටිකක් ආපහු දවසක දෙන්නම්.

No comments:

Post a Comment