Sunday, June 5, 2011

කෝ අර බයික් එකෙන් ආපු දෙන්නා… ඒ ආපු විදියටම බයික් එක පැදගෙන එන්න හන්දියට… අපි ඉන්නවා හන්දියේ

දෙන්නඤං බැටේ                                 මතකද ලයිසන් නැතිව පාරේ බයික් පැදලා පොලීසියට මාට්ටු වුන පළවෙනි දවස?... අද කියන්න යන්නේ එක ගැන... එතකොට මම ඒ ලෙවෙල් කරන්න පාඩම් කරනවා තව යාළුවෙකුත් එක්ක. දවල් දොලහට විතර ඇති වෙලාව මාරම කම්මැලියි. එලියෙ රවුමක් දාලා දාල ආවත් නිදිමත ගතිය ගියේ නෑ. අම්මටත් තේරුනා අපි ඉන්නෙ දැන් පාඩම් කරල ඇතිවෙලා කියලා.

එක නිසාද කොහේද බැංකුවට ගිහින් එන කියලා කිවුවේ.දැන් වෙලාව දවල් දොලහට විතර ඇති.මේ වෙලාව තමයි පාරේ බස් අඩුම වෙලාව, මේ වෙලාවට බස් එකේ බැංකුවට යනව කියන්නේ වැඩක් නෑ... ෂුවර් යනකොට බැංකුව  වහලා ඇති. එක නිසා අම්මා අපිට යන්න කිවුවේ තාත්තගේ බයික් එකෙන්. ඒ කාලේ ඉතින් බයික් එකක් පදින්න ලැබෙනවා කියන්නේ මොනවාද ඉතින් ඕන වැඩක් කරයි, බයික් එකෙන් යන්න කිවුවොත් ඕන තැනක යයි.
අම්මගේ ඕඩර් එකක් නිසා තාත්තත් බයික් එක දුන්නා වැඩි අවුලක් නැතිව... "හිමිහිට පලයන්, සිහි කල්පනාව ඇතිව යනව " වගේ කතන්දර සීයකින් පස්සේ   ඔන්න දැන් මමයි යාළුවයි යනවා බැංකුවට. මොන හිමින් ගමනක් ද? අපි යනවා හැටට පාගලා... මඟ ඉන්න යට හෝන් ගහනවා හෙඩ් ලයිට් දානවා එක විකාරයයි... කොහොම හරි වැඩිය ඈතට යන්න වුනේ නෑ... ගමේ එකෙක් කිවුව ඉස්සරහ පොලීසියෙන් කියලා," ඌට පිස්සු ද කොහේද බං මේ දවාලට කන වෙලාව නේ... මේ වෙලාවට කොහේද පොලීසිය පාරේ ඉන්නේ ". කියල කියපු අපි ගත්තා ගානට නවල වංගුව... ඉස්සරහයින් යන්නේ කළුගල් පටවපු ට්‍රැක්ටර් එකක්. හෝන් පාරක් දාල ඉස්සර කරන්න හැදුව විතරයි ඉන්නව නේද පොලිස් බට්ටො දහයක් විතර පාර අයිනේ, වංගුව නිසා එන කොට පෙන්නෙත් නෑ ... දැන් මොනව කරන්නද , බයික් එක දැම්මා පාර අයිනේ තිබුන ගෙදරකට... දැන් අපි දෙන්නා ඒ ගෙදර ඉස්තෝපුවේ වාඩි වෙලා ඉන්නේ ඒ ගෙදරට ආපු දෙන්නෙක් වගේ. ඒ දවස් වල බයික් වලින් පොලිසිය ගිහිල්ල කොහේ හරි නවත්වගෙන යන එන වාහන පොඩි වරදකට හරි දඩ කොලයක් කඩන සිරිතක් තිබුනා. එහෙම යන්නේ වටේටම තියන පොලිසිවල ඉන්න එතන ඉන්නේ එපාම කරපු පොලිස්කාරයො සෙට් එක එකතුවෙලා. කතාකරල බේරෙනව බොරු...දඩ ගහනව නැත්නම් උසාවි දානවා...

ඔන්න ටික වෙලාවකින් පොලිස් බයික් එකක් එනවා අපි ඉන්න ගෙදර දිහාවට... ඇවිත් නැවතුනා ගෙදර ගේට්ටුව ලඟ... දැක්කා අපි දෙන්නා ඉස්තොප්පුවේ ඉන්නවා. "කෝ අර බයික් එකෙන් ආපු දෙන්නා... ඒ ආපු විදියටම බයික් එක පැදගෙන එන්න හන්දියට... අපි ඉන්නවා හන්දියේ " කියලා කියපි... දැන් මොකද කරන්නේ, හිටියා කියලා වැඩක් නෑ... නොගියොත් ෂුවර් මුන් උසාවි දාල ගෙදරට සිතාසිය එවනව. යන්න හිතෙන්නේත් නෑ. ඒත් ටික වෙලාවකින් යන එක හොදයි කියලා ගියා... අපි එනකොට දඩ කොලේ බාගෙට ලියලා. " ගන්නවා ලයිසන් ඉන්ෂුවරන්ස්... හහ්... අපිට දැක්කම කියන්න පුලුවන් මොකක්ද ලේඩේ කියලා..."  ලියනවා නම් ලියපිය නිකන් පොර ටොක් නොදා කියලා කට ඇරලා කියන්නද? ඔන්න ඔහේ ඕන දෙයක් ලියාගන්න ඇරල අපි හිටියා. දඩේ රුපියල් දෙදාස් ගානක්.දඩේ ගෙවපුවාම තමයි ලයිසන් එක ආපහු දෙන්නේ.  දඩ දෙකක් ගෙදර හිටපු තාත්තාට, එකක් මට. කාලා වරෙන්කෝ... මොනව කරන්නද... ගෙදර ගියාම පැය දෙක තුනක් යනකම් දේසනාව...

පහුවෙනිදා ඉස්කෝලේ ගියානේ විභාගෙට...පන්තියේ හැම එකාම දන්නවා සීන් එක... ගමේ එකෙක් ඇවිත් කියලා එක දෙක කරලා... පොලිසියෙන් බේරෙන්න අපි ගෙවල් වලට රිංගපු හැටි... ලැජ්ජාවේ සන්තොසේ බෑ...

Wednesday, June 1, 2011

තමුසේ කොළඹ කැම්පස් එකේ හිටියා නේද ?

          අපේ ඉස්කොලේ මිස් කෙනෙක් ගේ එකම පුතා නැතිවුනේ මොළයේ ඇතුලට විෂබීජයක් ගිහින්, ගොඩක් දුක් විදලා... ඉතින් මේක අපේ ගුරුතුමිට දරාගන්න බැරි වුනා... එයාට ටික කාලයක් මානසික ප්‍රතිකාර ලබාගන්නත් වුනා. ටිකක් විතර අමාරු වුන නිසා නේවාසික ප්‍රතිකාර ලබාගන්න අංගොඩ මානසික  රෝහලේ නවත්වලා හිටියා. මමයි නංගියි ගියා දවසක් අපේ මිස්ගේ සැප දුක බලලා එන්න. " පිස්සන් කොටුව " ගැන අපි අහල තිබුන විහිලු කතා වල පොඩි හරි ඇත්තක් තියනවා කියලා ටික වෙලාවකින් පැහැදිලි වුනා.

අපි ඇතුලට යද්දි එක ඇඳක් වට කරගෙන ගොඩක් අය හිටිය. ඔය වගෙ ඒව ඉස්පිරිතාල වල සාමාන්‍ය සිදුවිම් නිසා වැඩිය ගණන් ගන්නේ නැතිව අපි ආපු වැඩේ කරගෙන ගියා. ටික වෙලාවකින් අර ගොඩක් අය වට කරගෙන ඇඳ උඩ හිටපු කෙනා මගේ ලගට ඇවිත් අහනව...
" තමුසේ කොළඹ කැම්පස් එකේ හිටියා නේද? "... කියලා... මම කොහෙද කොළඹ කැම්පස් ගියේ... කිවුව නෑ කියලා. "නැත්තේ මොකද ඕයි... තමුසේ නේද මට රැග් කරන්න ආවේ." මම නිකන් කරකවල අත ඇරියා වගෙ.. මේ මොකක්ද මේ වුනේ කියල. හොද වෙලාවට එතන හිටපු කෙනෙක් ඇවිත් අර කැගහපු කෙනාව අරගෙන ගියා. එහෙම අරගෙන යද්දිත් කියන්නේ මම එයාට රැග් කලාය කියලා...

ටික වේලාවකට පස්සේ ලඟට ආපු අර ඇඳ ලඟ හිටපු කෙනෙක් කිවුව විදියට,

ලෙඩ වෙලා ඉන්නෙ කැම්පස් එකේ ඒ අයගේ යාළුවෙක් ලු... අවසන් වසරේ විභාගයට පාඩම් කරල වැඩිවීම සහ විභාගය ගැන ගොඩක් හිතපු එක මෙහෙම අසනීප වෙන්න හේතු වුනා ලු...ඒ වගෙම ගෙදර තිබුන ප්‍රශ්න එහෙමත් ලෙඩේ තව වැඩි වෙන්න බලපැවාලු... ඒ ගැණු ළමයා කැම්පස් එන්න ඇත්තේ ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇති. මොනවා කරන්නද අන්තිමට ඒවා ඔක්කොම නැතිවෙලා ගියා... ඒක තාවකාලිකව වුන දේයක්නම් ගොඩක් හොදයි...

මම මේ කතාව ගෙදර ඇවිත් කිවුවාම අපේ මලයා කෙනෙක් තව හොද කතාවක් කිවුවා... මිනිහා වෛද්‍ය ශිෂ්‍යයෙක් කරාපිටියේ... දවසක් සායනික පුහුණුවට මේ අය ගියාලු උණවටුන මානසික රෝහලට. යද්දි ගැහැණු කෙනෙක්  වාට්ටුව වටේට යනවා ලු පොඩි ළමයි කුරුල්ලෝ පියාඹන විදිය අනුකරණය කරන විදියට. අත්දෙකත් දෙපැත්තට  ව්හිදුවාගෙන  බෙල්ල එක පැත්තකට ඇලකරගෙන වාට්ටුව වටේට  යනවා ලු...  ඩොක්ටර් ඇවිත් ඇහැවුවාලු....
ආ... ගුඩ් මොර්නිං මිස්... අද කොහෙද ගියේ, සිරි පාදේ පැත්තේ ගියා ද ... කියලා.
ඔව් ඩොක්ටර් අද උදේන්ම සිරී පාදේ වැන්දා... අවේ මේ පැත්තෙන් ගියේ අර පැත්තෙන් කියලා ලොකු ගමන් විස්තරයක් කියල... ටික වෙලාවකින් ලඟට ආපු මේ මනුස්සයා අර ආපු වෛද්‍ය ශිෂ්‍යයොන්ට කියනවාලු, " ඉස්සර නම් මම මෙහෙම නැ ගොඩා..ක් උඩට  පියාඹනවා... දැන් සනීප නැ නේ.. එක නිසා ඒක නිසා වැඩිය උඩට යන්න එපා කියල ඩොක්ට කිවුව කියල..." මොනවා කරන්නද හිනාවෙන්න හොද නැනේ කට්ටියම කටවල් තද කරගෙන බොහොම අමාරුවෙන් ඉදලා...

ඔටෝ ගියර්

දැන් අලුතින් එන වාහන හැම එකක්ම වගේ "ඔටෝ ගියර්", එත් දන්නවාද මේ ඔටෝ ගියර් මුලින්ම හොයා ගත්තේ කවුද කියල.අපේ "අමරේ" අයියා තමයි ඔටෝ ගියර් මුලධර්මය මුලින්ම හොයා ගත්තේ ඒ වගේම අමරේ අයියගේ පරණ "බ්‍රිටිෂ් ලේලන්ඩ්" බස් එක තමයි මුල්ම ඔටෝ ගියර් වාහනය. මොකද හිනා වෙන්නේ, එක තමයි ඇත්ත. අමරේ අයියගේ බස් එක තමයි දවසකටවත් බස් එක.එක දවසක් වැඩ කරා කියන්නේ ඊලඟ දවස් දෙකම බස් එක හදනවා. අමරේ අයියාම තමයි බස් එක ගොඩ දාන්නෙත්. මේ නිසාම කට්ටිය බස් එකට "එදා වේල" කියල නම්කුත් දාල තිබුනා.( බස් එකෙන් හොයන සල්ලි ගෙදර වියදමට හා බස් එක නඩත්තුවට යන නිසාත් ඉතුරුවක් කල නොහැකි නිසාත් ) බස් එක නිසාම අමරේ අයියාට ඩ්‍රයිවින් වැඩේ වගෙම මිකැනික් වැඩෙත් හොදට පුලුවන්.බස් එක ඇතුල කළුවර නිසා "ගණ අඳුර" කියලත් සමහරු කිවුවා. මේ ඔක්කොම බස් එකට මිනිස්සු දාපු නම්, එකක් වත් අමරේ අයියාට ඇහෙන්න කියපුවා නෙවේ.
මේ බස් එක විශේෂයෙන්ම කන්දක් නඟිද්දි හරි පල්ලමක් බහින වෙලා වෙදි හරි එක පාරටම ගැස්සිලා එංජින් එක "රේස්" වෙනව මහා හයියෙන්. බස් එක වලක වැටුන හැම වතාවකම වගෙත් මේ දේ සිදුවුනා. ඒකට හේතුව තමයි ගියර් පෙට්ටිය ගෙවිල පරණ නිසා, වලක වැටෙන කොට ඒක ගැස්සෙනව එතකොට ඉබේම ගියර් එක මාරු වෙනව. කන්දකදි හරි පල්ලමකදි හරි බස් එකේ එක පැත්තක් ඉස්සෙන නිසා වෙන්නෙත් මේකම තමයි. ඉතින් මේකට තමයි ඔටෝ ගියර් කියන්නේ.
හොදම වැඩේ කියන්නේ, දවසක් අපේ ගමේ පන්සල බලන්න ආව සුද්දෙක් ගියා අමරේ අයියගෙ බස් එකේ. මිනිහා ජපන් කාර් කොම්පැනියක ලොක්කෙක්, පරික්ෂන හා නිපැයුම් කියන අංශයේ. බස් එකේ යන අතරේ දැක්කා මේ සිද්ධිය. ගියා ජපානෙට සුද්දත් හැදුව ඔටෝ ගියර්, හැබැයි එංජින් එකේ භ්‍රමණ වේගය වෙනස් වෙනකොට ගියර් එක මාරු වෙන්න.එහෙම නැතුව කඳු  නගිද්දි හරි පල්ලම් බහිද්දි හරි වෙනස් වෙන්න නෙවේ.
ඔන්න ඔහොමයි ඔටෝ ගියර් භාවිතයට ආවේ. නමුත් එකේ මුලික සැලසුම්කරු හා නිපැයුම්කරු අපේ අමරේ අයියා තමයි.මට නම් තාමත් හිතෙන්නේ සුද්දගේ එකට වඩා අමරේ අයියගේ බස් එකේ ගියර් මරු වුන ක්‍රමය තමයි ඔටෝ ගියර් වලට හොදම. මොකද හිතන්නෙ ?

මලිත්තා බටිත්තා සහ ලොකු හාමුදුරුවෝ

පුංචි ඡන්දේ මුළු රටේම නැති වුනත් ඉවර වුනේ වැඩි කලබලයකින් තොරව අපි කවුරුත් බලාපොරොත්තු උන විදියටමයි. වෙනසක් ගැන කතාකරත්, වෙනසක් කරනවාය වෙනසක් වෙනවාය කියපු කවුරුත් ඡන්දෙන් පහු ඒවා ගැන කතා කරේ හරිම අඩුවෙන්, නැත්නම් කතා නොකර බැරි කමට. මම මේ තකහනියේ ලැහැස්ති උනේ පශ්චාත් මැතිවරණ ප්‍රතිඵල විචාරයකට නම් නෙවෙයි. මෙයට කලින් තියපු පුංචි ඡන්දෙදි අපේ ගමේ වුන දෙයක් කියන්න.

අපේ ගමෙත් කොල්ලෙකුත් ඡන්ද සටනට එකතු වුනේ "දහසකුත් එකක් වෙන දැවෙන ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ලබා දීල ඒ තුලින් ගමේ ජනතාවට සුභ අනාගතයක් උදා කරන්න"... සුබ නැකතින් නාමයෝජනා බාර දීල පන්සලේ බෝධිපුජා පිංකමක් එහෙමත් පැවැත්තුවේ ආශිර්වාදය ලබාගන්න බාරයකුත් වෙලයි. ගමේ කා එක්කත් වෙනදට වඩා හිනා වෙලා කතාබහ කරේ මනාපයක් ලබා ගැනිමේ බලපොරොත්තුවත් හිත ඇතුලේ තියාගෙන.

මිනිහගේ නම "මලිත්" අපි ඉතින් "මලිත් අයියා" ගැන කතා කරද්දි ගමේ අය "මලිත් මල්ලි", "මලිත් කොලුවා" "මලිත් ළමයා" වගෙම "මලියා" ගැනත් කතා කරා. ටික දොහකින් පොස්ටර් ගස් ගල් වල වගෙම බොක්කු වලත් ඇලවෙන්න පටන් ගත්තේ නමට ඉදිරියෙන් වැටුන අති විශේෂ වගේම අකර්ශණිය නාම විශේෂන පදත් එක්ක. "කාර්ය ශුර"," අවංක" වගෙම "ගමේ කම හදුනන" පද, නිතර භාවිතා වුනා.

මෙයාගේ සීයා කියන්නේ ගමේ හිටපු වයසකම අයගෙන් කෙනෙක්. බොහොම හොද මතකයක් වගෙම හොද නිරොගී සුවයකුත් තිබුනා. ගමේ ඉන්න ලොකුම උපාසකය. කවුරුත් ගරු කරන වැඩිහිටියෙක්. නම " පොඩි අප්පුහාමි" අපි නම් කිවුවේ මල් සීයා කියලා. මොකද මෙයාගේ පුරුද්දක් වෙලා තිබුනා හවසට මුලු ගමේම ඇවිදලා මල් නෙලාගෙන ඇවිත් පුජා කරන එක.

ඉතින් ඔන්න අපේ මලිත් අයියත් ඡන්ද සටන ඉහලින්ම කරගෙන යනවා. අවට ගම්වලටත් යනවා රැස්විම් තියන්න. මුලුගමේම කතාව මේ ඡන්දේ ගැන.මේ අතරේ දවසක් පන්සලට ගියපු ගමේ කෙනෙක් පන්සලේ නායක හාමුදුරුවන් ගෙන් අහපි "හාමුදුරුවනේ මේ පාර අපේ මලිත් කොලුවටත් මනාපයක් දෙන්න වෙනවනේ...  මොනව උනත් ඉතින් ගමේ කමට සලකන්න එපාය.මට හිතෙන්නේ පන්සල දිහාවෙත් එන්න ඇති..."

"අනේ ලොකු උන්නැහේ මම දන්න මලිත්තෙක් බටිත්තෙක් නම් නැ... පොඩි අප්පුහාමිගේ මුණුබුරා නම් ඇවිත් ඡන්දෙ එයාට දෙන්න කිවුවා..."

ඔන්න ඔහොමයි අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගමේ අපෙක්ෂකයා ගැන කිවුවේ,ගමේ අය ඡන්දෙන් පස්සෙත් මේ සිද්ධිය ගැන කතා වුනා.

පාසල් කාලය ආයෙත් මතකයට නැඟුනු අපේ අවුරුදු උත්සවය...



ඉස්කොලේ අපේ ආදිශිෂ්‍ය කණ්ඩායමේ (හ\වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය මිත්‍රත්ව සංගමය - 2002 කණ්ඩායම ) සියලු දෙනාම එකතු වෙලා සංවිධානය කරපු පළමුවැනි බක්මහ උළෙල සාර්ථක ලෙස පහුගිය 12 වෙනිදා  දවස පුරාම පැවැත්වුනේ අපි කාටත් හිතට ලොකු සතුටක් වගේම සහෝදරාත්මක හැගිමක් එකතු කරමින්. කාලෙකට පස්සේ අපි කවුරුත් එකතු වුනේ ඉස්සර ඉස්කොලේ පන්ති කාමරේ, විද්‍යාගාරයේ, පුස්ථකාලේ වගෙම ක්‍රිඩා පිට්ටනියෙදි  එකතු වෙලා ඉගෙන ගනිපු, සෙල්ලම් කරපු හැගීමෙන්මයි. ඇත්තටම ආදිශිෂ්‍ය සංගමයක් විදියට අපේ දහසකුත් වැඩ රාජකාරි අතරේ අපි ආපු දුර කෙටි උනත් අපි ගොඩක් වැඩ කරා. අමතක කරන්න එපා... අපි එකතු වෙලා කණ්ඩායමක් විදියට වැඩ කරන්න පටන් අරගෙන පහුගිය 12 වෙනිදාට හරියටම අවුරුද්දයි.

"කණාමුට්ටි බිදීම"
"කණාමුට්ටි බිදීම"

කතාව වෙන පැත්තකට ගියද මන්ද ? වැඩේ අපි පටන් ගන්න හිතාගත්තේ උදේ නවයට.කලින් දවසක තුෂරයි, අනුප්‍රියයි අපේ ගෙදර ඇවිත් මොකද 12 වෙනිදා කරන්නේ කියලා කතා කරගත්තු එක ලොකු පහසුවක් වුනා.අපි එනකොට තුෂරය උදේ පාන්දරම තෑගි ටිකත් අරගෙන හොටෙල් එකට ඇවිත් තෑගි පාර්සල් කරනවා (අපරාදේ කියන්න බෑ තුෂරයා බැහැලම වැඩ ටික කරා. ගේම් ටික ගානට ප්ලැන් කරල කරා). කොහොම හරි සුපුරුදු විදියට කට්ටිය ඔක්කොම සැපත් වෙනකොට උදේ නමයේ කැලිත් නෑ... එකනිසා අපිට කණාමුට්ටි ටික එල්ලලා, ගස්ලබු ගෙඩියක් වගෙම යෝගට් එහෙම ගෙනල්ල ලැහැස්ති වෙන්න වෙලාව තිබුනා … ඇයි අපි බනිසුත් ගෙනාවා. ආහ් ... කණාමුට්ටි එල්ලද්දි මරු වැඩක් උනා... රසිකයයි තුෂරයයි තමයි වැඩේ කරන්නේ... එක කොහුලණු පොටක මුට්ටි හතරක්ම එල්ලගෙන දෙන්නත් එක්ක ලණුව අදින්නයි යන්නේ...එක ලණුපොටකට මුට්ටි හතරක් එල්ලන්න පුලුවන්ද?... මුට්ටි ටික ලණුපොටත් එක්ක කඩාගෙන වැටුනා... වෙලාවට එක මුට්ටියයි බිදුනේ... ඔය තියන්නේ ඒ කලින්ම බිදපු මුට්ටිය... (හැබැයි අපේ එක්කෙනෙක් එක ආපහු ගේම් එකේදිත් බින්දා... මට මතක හැටියට සුධීරයා හරි අකිලයා හරි...).

මේ අතරේ කට්ටියක් බැලුම් පුම්බනවා මුට්ටි එල්ලපු කණුවේ ගැට ගහන්න. උන්ටික ගෙනාපු බැලුම් ටික ඔක්කොම පුම්බලා... ( රසික, හර්ෂ, මහේෂ්, සුගත් එතන හිටිය මතකයි ) දැන් ඉතින් කොහොමද බැලුම් පුම්බන තරගය තියන්නේ...කෝ ඒකට පුම්බන්න බැලුම්... ඒක නිසා එක කැන්සල් කරන්න වුනා...

"වැඩසටහන් විස්තරය"
"වැඩසටහන් විස්තරය"

නවයයි හතලිස්පහට විතර කට්ටියට කිවුවා කරන්න යන තරඟ ගැන විස්තරයක්... හැම තරගයකටම ලැබුනේ ඉහලම සහභාගිත්වයක්... "යෝගට් කැවීම", "බනිස් කෑම" වගේ තරඟ වල සහභාගිත්වය සීමා කරන්නත් වුනා... බනිස් කෑමටනම් නාලක නැණරුවන්ට උඩින් කවුරුවත් ගියේ නෑ... මිනිහ බනිස කෑව නෙවේ මැජික් එකක් කරල එක බඩ ඇතුලේ හැන්ඟුවා... තව බනිසක් තිබුන නම් එකත් කනව... ඊට පස්සේ "දෙහිගෙඩ්ය හැන්ද උඩ තබාගෙන යාම", "ඉදිකටුවට නුල දැමිම" වගේ තරඟ තිබුනා..."රහසක් කියන්න සෙල්ලම" තමයි තියපු හොදම සෙල්ලම...මෙකට හිටියේ "වතුර පුරවන සෙල්ලමට " හිටපු ටීම් දෙකම තමයි... කරන්න තිබුනේ කලින් කියන කතන්දරයක් රහසක් විදියට පාස් කරන එක... අන්තිම කෙනාගෙන් අපිට ආපහු එක කියන්න ඕන... "ජුඩ් ගේ ගම කඳාන... නෙහාරා ජුඩ් ගේ සැලුන් එකේ වැඩ කරත්, ජුඩ්ගේ ලගින් නෙහාරා ඉන්න එක ගැන ෂෙරින් එච්චර කැමති උනේ නෑ... ෂෙරින් කියන්නේ දුවෙකුයි පුතෙකුයි ඉන්න ඇන්ට් කෙනෙක්... ජුඩ්ගේ සැලුන් එකට ගොඩ්වානාලන්ඩ් කියලා නම දාන්න යෝජනා කරේ මාකස්... මාකස් කියන්නේ කොළඹ දහය ටෙම්ප්ලර්ස් පාරේ සෙන්ට් ජොශප් එකේ ඕබි සාමාජිකයෙක් ගෙ යාළුවෙක්" ඔය එක කතාන්දරයක් විතරයි... ඔය වගේ තවත් කතාන්දරයක් අනික් කණ්ඩායමටත් ලැබුණා. කණ්ඩායම් දෙකම හොඳට තරඟ කරා... අන්තිමට මොකද දන්නවාද වෙලා තියන්නේ... කණ්ඩායම් දෙකේම අය අන්තිමට ඉන්න කෙනාට කතාව (රහස ) එස්.එම්.එස් කරලා...

එහෙම කරල එක හරි ලොකු හපන් කමක් කරා වගෙ කියනව තෑගි ගන්න වෙලාවේ, අපි දිනුවෙ මෙහෙමයි කියලා... දැන් ඉතින් මොකද කරන්නේ. "බෝතලයට වතුර පුරවන" කණ්ඩායම් තරගයත් දිනුවේ ඒ ටීම් එකමයි... වහාම ඒ අයගේ "බෝතලයට වතුර පුරවන" දිනුම අවලංගු කරලා අනිත් ටීම් එකට ඒ තෑග්ග දුන්නා... මෙන්න එතකොට ඒ අයත් කියනවා "අපිත් එස්.එම්.එස් යැවුව... ඒ වුනාට එක හරියට යවාගන්න  බැරි වුනා කියල" මොනවා කරන්නද ඉතින් මීට වඩා හොදයි එස්.එම්.එස් යවන තරගයක් තිබුනා නම් කියල හිතුනා... අපේ "කොඩියා" නළුවෙක් වගේ ? ඇදගෙන ඇවිත් තිබුනා( මිනිහා ඉතින් ඉස්සර ඉදලම ඇදගෙන හිටපු කෙනෙක් නිසා වැඩි අවුලකුත් නැහැ ...) හොද කලිසමක් ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙක මුණ බලන්න පුලුවන් තරමට පොලිෂ් කරලා... බලන්න එපායැ මිනිහා බීච් එකේ තියපු අවුරුදු උත්සවයට ආපු හැටි. අපරාදේ කියන්න බෑ එහෙම ඇවිත් බිත්තර අල්ලන තරගෙටත් සහභාගි වුනා. අපරාදේ බිත්තර අල්ලන තරගෙට ආපු අපෙ අය බිත්තර 12ක්ම කුඩුකරානේ... එහෙමත් නාස්තිකාරයෝ රෑනක්... අපි දෙන්නත් ගියා ඒ තරගෙට... හතර පස් වතාවක් ම අවුලක් නැතිව හිටියේ බිත්තරේ බිමට වැටුනත් කුඩු වුනේ නැති නිසා... "රත්නසිරියට " ඒ තරගය දිනා ගන්න තිබුනා... කොහේදො හිටපු බල්ලෙක් පැන්නනේ බිත්තරේ අල්ලන හදන කොට...ගස්ලබු ගෙඩියේ ඇට ගණන්  කරන එකට පුංචිහේවා නම් තුනකින් ඉදිරිපත් වෙල තිබුනා... මොනව කරන්නද ඒකට හරි ගාණන ඒත් කියාගන්න බැරිවෙලා තිබුනා.

"ගෙම්බාට ඇස තැබිම"
"ගෙම්බාට ඇස තැබිම"

අන්තිමටම තිබුනු තරගය තමයි ගෙම්බාට ඇස තැබිම. අලුත් සෙල්ලමක් නේද? හදුන්වාදිමේ ගෞරවය හිමි වෙන්නේ අපේ "කළු සුපුන්" ට. සුභානි තමයි ගෙම්බාට ඇස තැබිමේ තැග්ග ගත්තේ.( සුබානි මංජුල අයියත් එක්ක ඇවිත් හිටියේ චුටි දුවවත් එක්ක ගෙන. ඇත්තටම එක ගොඩක් අගය කරන්න ඕන දෙයක්. අපි කවුරුත් එකට එකතු කරන්න එක මේ වගෙ අවස්ථාවක් සංවිධානය කරන එකෙන් බලාපොරොත්තු වුනා, මංජුල අයියා තමයි තැගි බෙදල දුන්නේ.  චුටි දුවත් මට හිතෙන්නේ ගොඩක් සතුටු වුනා, ඇයි එයාට මාමිල නැන්දිලා ගොඩාක් බලාගන්න ලැබුනා නේ).

තැගි වලට දුන්නේ ගෙදර අරගෙන ගිහින් අල්මාරිවල දාලා තියන ජාතියේ ඒවා නෙවෙයි. ඔක්කොම දුන්නේ කන බොන ජාති... එක නිසා තරග දිනුව පැරදුන හැමෝම ඒ තැගි එතනම තියාගෙන "රස බැලුවා".   එතනින් පස්සේ තරග ටික ඉවර වුන නිසා කට්ටියක් "හීනියට" ටිකක් විතර "අනුමත" වුනා. ඊට පස්සේ තමයි බුෆේ එක පටන් ගතේ... කට්ටිය සැදිපැහැදි බලාගෙන හිටපු බව තෙරුනේ වැඩි වෙලාවක් යන්න කලින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වුන නිසා. සමහරු අඳුන  ගන්න අමාරු වුනා, මුණ කෑම පිඟානට  වැහිලා තිබුනේ,ඉතින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වෙන එක අහන්නත්  දෙයක් ද? ජයනෙත් ට කෑම කාල නැගිටින්නත් අමරු උනා කියලයි කට්ටිය කිවුවේ. කාල  බීල ඉවර තමයි කටිය නටන්න එකතු වුනේ. ස්ත්‍රි පාර්ශවයත් නැටුමට එකතු කරගන්න "කලු සුපුන්" ගොඩක් මහන්සි වුනා, මොකද මිනිහා ඒ වෙනකොට "කාලක් ක්‍රියාකරල" කරල හිටියේ. හවස 5 ට විතර කට්ටිය විසිරිලා ගියා... ඇත්තටම එදා ගොඩක් සතුටු වුන දවසක්... ආපු අයත් එක්ක කතාකරපු වෙලාවේ හැමෝම එහෙම කිවුවා... තව ගොඩක් දෙනෙක් එන්න හිටියත් එන්න බැරි වුනේ මේක දාගනිපු දවස නිසා කියලයි කිවුවේ. බලමු... ඊළඟ පාර මීට වඩා පිරිසක් එකතු කරගන්න පුලුවන් වේයිද කියලා...

රියදුරු දැතට දෙවි රැකවරණයි !…

ඉවරයක් නැතුව යෙදුන වැඩ ගොඩක් නිසා කලෙකින් වාඩියට ගොඩ වෙන්න බැරි උනා… මොනවා කරන්නද ඉතින්… කොහොමින් කොහොම හරි ආපහු පරණ පුරුදු විදියට ආපහු ලියනවා.

මම පහුගිය දවසක මගේ පැටික්කි බලලා එන්න ගමේ ගියා නෙව. නිල ප්‍රවාහන සැපයුම්කරු විදියට තෝරා ගත්තේ තංගල්ල – කොළඹ පුද්ගලික බස් රථයක්.කටුබැද්ද හරියේදි මේ බස් එකට තවත් මාතර – කොළඹ බස් එකක් සෙට් උනා. ඔන්න දැන් බස් දෙකම මහා ධාවන තරගයක. මේ අතරේ මම යන බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි පස්සෙන් එන මාතර – කොළඹ බස් එකට බනිනවා. " ඉස්සර වෙලා ආව නම් යන්න ඕන… මොන මගුලක් කරනවද මන්ද… උඹ අරූට කිවුවෙ නැද්ද ඉන්න එපා අපිත් එනව කියල… කිවුව බන් කිවුව. කලින් දවසෙත් ඕකම නේ උනේ… මම දැන් කීදවසක් කිවුවද…"

දැන් බස් එක එන්නේ කළුතර හරියේ. දෙතුන්වතාවක්ම දෙගොල්ලො පාර මැද නවත්වගෙන බැණත්තේ හොද වචන වලින් නෙවෙයි. බස් වල සෙනඟ ඉන්නවා කියල කාටවත් ගානක් නෑ. බස් වල සෙනඟට මේ සිද්ධවෙන දේවල් එච්චර ඇල්ලුවේ නැති උනත් මටනම් වැඩේ අල්ලලා යනව මොකද වෙනදා වගේ නෙවිනේ. මාර  "happening" වෙනදට ඉතින් නිදා ගන්න එක නෙ කරන්නෙ අද එහෙම නැ… ඊලඟට මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. පාරේ යන්න එන සෙනඟ බස් වල ඉන්න සෙනඟ ගැන කටවත් කිසිම හැගිමක් නෑ… මේක නවතින්නෙත් නැ…

" කෝ බන් මු යන්නේ නෑ නේ… ගනින් බොස් ට කෝල් එකක් … කියපන් සීන් එක… මොන මගුලක් ද මේ… හැමදා රේස් පදින්න බැහැනේ…" මෙහෙම කියන්නේ අපි යන බස් එකේ "ඩ්‍රයිවර් මහත්මයා".

" ඔව් අය්යේ… අපිට යන්න දෙන්නෙත් නෑ… උන් යන්නෙත් නෑ… ඔව්… එක නොමල් එකක්… කවුරුවත් අපේ සෙමියට නගින්නේ නෑ… මෙකා පස්සෙන්ම තියාගෙන එනවනේ…කිව්වා… අපි දෙන්නම කිවුව… දැන් දවස් කීයක් කිවුවද…" ගෝලය වැඩේ නියමෙට පත්තු කරනව.

" කමක් නැද්ද… ඔව් දැන් වෙන කරන්න දෙයක් නෑ… ඔන්න අපි එහෙම නම් එහෙම කරනව…. දැන් දවස් කීයක් නම් කිවුවද …"

බස් එක නතර කරා වංගුවක් ලඟ. දැන් අනිත් බස් එකත් පස්සෙන්ම එනවා. ඒ බස් එක (මාතර – කොළඹ ) ඉස්සර කරල යන්න හදන කොටම මේක ගිහින් ඒ බස් එකේ හැප්පුවා. මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ යකා කරේ කියලා. හිතන්න පැයට කී.මි 90 ක 100 ක වේගෙන් එන බස් එකක තව බස් එකක් හැපෙනවා කියන්නේ, බස් එකේ ඉන්න සෙනඟ, පාරේ යන එන අය, අනෙත් වාහන ඒවයෙ ඉන්න අය මේ කවුරුවත් ගැන හිතන්නේ නැ. සල්ලි පස්සෙම එලවනවා. අඩුම තරමේ තමන් හම්බ කරගෙන කන වාහනේ ගැනවත් හිතන්න එපාය…

කොහොම හරි බස් දෙකම කළුතර පාලම උඩ චෙක් පොයින්ට් එකේදි නවත්වලා පොලීසියට අරගෙන ගියා. අනික් බස් එකේ කෙනෙක් 119 ට කෝල් කරලා. බස් දෙකේම ආපු සෙනඟ උනේ ඊලගට ආව බස් වල හරිම අමාරුවෙන් බඩු මුට්ටු අතින් කටින් එල්ලගෙන, පොඩි දරුවෝ කරේ තියාගෙන, හිටගෙන තමන්ගේ ගමනාන්තයට යන්න.

පාසල් කාලය ආයෙත් මතකයට නැඟුනු අපේ අවුරුදු උත්සවය...

පාසල් කාලය ආයෙත් මතකයට නැඟුනු අපේ අවුරුදු උත්සවය...

වාඩියේ ළමයා | අප්‍රේල් 20, 2011 at 11:40 පෙ.ව. | Categories: ආගිය කතා | URL: http://wp.me/pPIPz-Z

ඉස්කොලේ අපේ ආදිශිෂ්‍ය කණ්ඩායමේ (හ\වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය මිත්‍රත්ව සංගමය - 2002 කණ්ඩායම ) සියලු දෙනාම එකතු වෙලා සංවිධානය කරපු පළමුවැනි බක්මහ උළෙල සාර්ථක ලෙස පහුගිය 12 වෙනිදා  දවස පුරාම පැවැත්වුනේ අපි කාටත් හිතට ලොකු සතුටක් වගේම සහෝදරාත්මක හැගිමක් එකතු කරමින්. කාලෙකට පස්සේ අපි කවුරුත් එකතු වුනේ ඉස්සර ඉස්කොලේ පන්ති කාමරේ, විද්‍යාගාරයේ, පුස්ථකාලේ වගෙම ක්‍රිඩා පිට්ටනියෙදි  එකතු වෙලා ඉගෙන ගනිපු, සෙල්ලම් කරපු හැගීමෙන්මයි. ඇත්තටම ආදිශිෂ්‍ය සංගමයක් විදියට අපේ දහසකුත් වැඩ රාජකාරි අතරේ අපි ආපු දුර කෙටි උනත් අපි ගොඩක් වැඩ කරා. අමතක කරන්න එපා... අපි එකතු වෙලා කණ්ඩායමක් විදියට වැඩ කරන්න පටන් අරගෙන පහුගිය 12 වෙනිදාට හරියටම අවුරුද්දයි.

"කණාමුට්ටි බිදීම"
"කණාමුට්ටි බිදීම"

කතාව වෙන පැත්තකට ගියද මන්ද ? වැඩේ අපි පටන් ගන්න හිතාගත්තේ උදේ නවයට.කලින් දවසක තුෂරයි, අනුප්‍රියයි අපේ ගෙදර ඇවිත් මොකද 12 වෙනිදා කරන්නේ කියලා කතා කරගත්තු එක ලොකු පහසුවක් වුනා.අපි එනකොට තුෂරය උදේ පාන්දරම තෑගි ටිකත් අරගෙන හොටෙල් එකට ඇවිත් තෑගි පාර්සල් කරනවා (අපරාදේ කියන්න බෑ තුෂරයා බැහැලම වැඩ ටික කරා. ගේම් ටික ගානට ප්ලැන් කරල කරා). කොහොම හරි සුපුරුදු විදියට කට්ටිය ඔක්කොම සැපත් වෙනකොට උදේ නමයේ කැලිත් නෑ... එකනිසා අපිට කණාමුට්ටි ටික එල්ලලා, ගස්ලබු ගෙඩියක් වගෙම යෝගට් එහෙම ගෙනල්ල ලැහැස්ති වෙන්න වෙලාව තිබුනා … ඇයි අපි බනිසුත් ගෙනාවා. ආහ් ... කණාමුට්ටි එල්ලද්දි මරු වැඩක් උනා... රසිකයයි තුෂරයයි තමයි වැඩේ කරන්නේ... එක කොහුලණු පොටක මුට්ටි හතරක්ම එල්ලගෙන දෙන්නත් එක්ක ලණුව අදින්නයි යන්නේ...එක ලණුපොටකට මුට්ටි හතරක් එල්ලන්න පුලුවන්ද?... මුට්ටි ටික ලණුපොටත් එක්ක කඩාගෙන වැටුනා... වෙලාවට එක මුට්ටියයි බිදුනේ... ඔය තියන්නේ ඒ කලින්ම බිදපු මුට්ටිය... (හැබැයි අපේ එක්කෙනෙක් එක ආපහු ගේම් එකේදිත් බින්දා... මට මතක හැටියට සුධීරයා හරි අකිලයා හරි...).

මේ අතරේ කට්ටියක් බැලුම් පුම්බනවා මුට්ටි එල්ලපු කණුවේ ගැට ගහන්න. උන්ටික ගෙනාපු බැලුම් ටික ඔක්කොම පුම්බලා... ( රසික, හර්ෂ, මහේෂ්, සුගත් එතන හිටිය මතකයි ) දැන් ඉතින් කොහොමද බැලුම් පුම්බන තරගය තියන්නේ...කෝ ඒකට පුම්බන්න බැලුම්... ඒක නිසා එක කැන්සල් කරන්න වුනා...

"වැඩසටහන් විස්තරය"
"වැඩසටහන් විස්තරය"

නවයයි හතලිස්පහට විතර කට්ටියට කිවුවා කරන්න යන තරඟ ගැන විස්තරයක්... හැම තරගයකටම ලැබුනේ ඉහලම සහභාගිත්වයක්... "යෝගට් කැවීම", "බනිස් කෑම" වගේ තරඟ වල සහභාගිත්වය සීමා කරන්නත් වුනා... බනිස් කෑමටනම් නාලක නැණරුවන්ට උඩින් කවුරුවත් ගියේ නෑ... මිනිහ බනිස කෑව නෙවේ මැජික් එකක් කරල එක බඩ ඇතුලේ හැන්ඟුවා... තව බනිසක් තිබුන නම් එකත් කනව... ඊට පස්සේ "දෙහිගෙඩ්ය හැන්ද උඩ තබාගෙන යාම", "ඉදිකටුවට නුල දැමිම" වගේ තරඟ තිබුනා..."රහසක් කියන්න සෙල්ලම" තමයි තියපු හොදම සෙල්ලම...මෙකට හිටියේ "වතුර පුරවන සෙල්ලමට " හිටපු ටීම් දෙකම තමයි... කරන්න තිබුනේ කලින් කියන කතන්දරයක් රහසක් විදියට පාස් කරන එක... අන්තිම කෙනාගෙන් අපිට ආපහු එක කියන්න ඕන... "ජුඩ් ගේ ගම කඳාන... නෙහාරා ජුඩ් ගේ සැලුන් එකේ වැඩ කරත්, ජුඩ්ගේ ලගින් නෙහාරා ඉන්න එක ගැන ෂෙරින් එච්චර කැමති උනේ නෑ... ෂෙරින් කියන්නේ දුවෙකුයි පුතෙකුයි ඉන්න ඇන්ට් කෙනෙක්... ජුඩ්ගේ සැලුන් එකට ගොඩ්වානාලන්ඩ් කියලා නම දාන්න යෝජනා කරේ මාකස්... මාකස් කියන්නේ කොළඹ දහය ටෙම්ප්ලර්ස් පාරේ සෙන්ට් ජොශප් එකේ ඕබි සාමාජිකයෙක් ගෙ යාළුවෙක්" ඔය එක කතාන්දරයක් විතරයි... ඔය වගේ තවත් කතාන්දරයක් අනික් කණ්ඩායමටත් ලැබුණා. කණ්ඩායම් දෙකම හොඳට තරඟ කරා... අන්තිමට මොකද දන්නවාද වෙලා තියන්නේ... කණ්ඩායම් දෙකේම අය අන්තිමට ඉන්න කෙනාට කතාව (රහස ) එස්.එම්.එස් කරලා...

එහෙම කරල එක හරි ලොකු හපන් කමක් කරා වගෙ කියනව තෑගි ගන්න වෙලාවේ, අපි දිනුවෙ මෙහෙමයි කියලා... දැන් ඉතින් මොකද කරන්නේ. "බෝතලයට වතුර පුරවන" කණ්ඩායම් තරගයත් දිනුවේ ඒ ටීම් එකමයි... වහාම ඒ අයගේ "බෝතලයට වතුර පුරවන" දිනුම අවලංගු කරලා අනිත් ටීම් එකට ඒ තෑග්ග දුන්නා... මෙන්න එතකොට ඒ අයත් කියනවා "අපිත් එස්.එම්.එස් යැවුව... ඒ වුනාට එක හරියට යවාගන්න  බැරි වුනා කියල" මොනවා කරන්නද ඉතින් මීට වඩා හොදයි එස්.එම්.එස් යවන තරගයක් තිබුනා නම් කියල හිතුනා... අපේ "කොඩියා" නළුවෙක් වගේ ? ඇදගෙන ඇවිත් තිබුනා( මිනිහා ඉතින් ඉස්සර ඉදලම ඇදගෙන හිටපු කෙනෙක් නිසා වැඩි අවුලකුත් නැහැ ...) හොද කලිසමක් ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙක මුණ බලන්න පුලුවන් තරමට පොලිෂ් කරලා... බලන්න එපායැ මිනිහා බීච් එකේ තියපු අවුරුදු උත්සවයට ආපු හැටි. අපරාදේ කියන්න බෑ එහෙම ඇවිත් බිත්තර අල්ලන තරගෙටත් සහභාගි වුනා. අපරාදේ බිත්තර අල්ලන තරගෙට ආපු අපෙ අය බිත්තර 12ක්ම කුඩුකරානේ... එහෙමත් නාස්තිකාරයෝ රෑනක්... අපි දෙන්නත් ගියා ඒ තරගෙට... හතර පස් වතාවක් ම අවුලක් නැතිව හිටියේ බිත්තරේ බිමට වැටුනත් කුඩු වුනේ නැති නිසා... "රත්නසිරියට " ඒ තරගය දිනා ගන්න තිබුනා... කොහේදො හිටපු බල්ලෙක් පැන්නනේ බිත්තරේ අල්ලන හදන කොට...ගස්ලබු ගෙඩියේ ඇට ගණන්  කරන එකට පුංචිහේවා නම් තුනකින් ඉදිරිපත් වෙල තිබුනා... මොනව කරන්නද ඒකට හරි ගාණන ඒත් කියාගන්න බැරිවෙලා තිබුනා.

"ගෙම්බාට ඇස තැබිම"
"ගෙම්බාට ඇස තැබිම"

අන්තිමටම තිබුනු තරගය තමයි ගෙම්බාට ඇස තැබිම. අලුත් සෙල්ලමක් නේද? හදුන්වාදිමේ ගෞරවය හිමි වෙන්නේ අපේ "කළු සුපුන්" ට. සුභානි තමයි ගෙම්බාට ඇස තැබිමේ තැග්ග ගත්තේ.( සුබානි මංජුල අයියත් එක්ක ඇවිත් හිටියේ චුටි දුවවත් එක්ක ගෙන. ඇත්තටම එක ගොඩක් අගය කරන්න ඕන දෙයක්. අපි කවුරුත් එකට එකතු කරන්න එක මේ වගෙ අවස්ථාවක් සංවිධානය කරන එකෙන් බලාපොරොත්තු වුනා, මංජුල අයියා තමයි තැගි බෙදල දුන්නේ.  චුටි දුවත් මට හිතෙන්නේ ගොඩක් සතුටු වුනා, ඇයි එයාට මාමිල නැන්දිලා ගොඩාක් බලාගන්න ලැබුනා නේ).

තැගි වලට දුන්නේ ගෙදර අරගෙන ගිහින් අල්මාරිවල දාලා තියන ජාතියේ ඒවා නෙවෙයි. ඔක්කොම දුන්නේ කන බොන ජාති... එක නිසා තරග දිනුව පැරදුන හැමෝම ඒ තැගි එතනම තියාගෙන "රස බැලුවා".   එතනින් පස්සේ තරග ටික ඉවර වුන නිසා කට්ටියක් "හීනියට" ටිකක් විතර "අනුමත" වුනා. ඊට පස්සේ තමයි බුෆේ එක පටන් ගතේ... කට්ටිය සැදිපැහැදි බලාගෙන හිටපු බව තෙරුනේ වැඩි වෙලාවක් යන්න කලින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වුන නිසා. සමහරු අඳුන  ගන්න අමාරු වුනා, මුණ කෑම පිඟානට  වැහිලා තිබුනේ,ඉතින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වෙන එක අහන්නත්  දෙයක් ද? ජයනෙත් ට කෑම කාල නැගිටින්නත් අමරු උනා කියලයි කට්ටිය කිවුවේ. කාල  බීල ඉවර තමයි කටිය නටන්න එකතු වුනේ. ස්ත්‍රි පාර්ශවයත් නැටුමට එකතු කරගන්න "කලු සුපුන්" ගොඩක් මහන්සි වුනා, මොකද මිනිහා ඒ වෙනකොට "කාලක් ක්‍රියාකරල" කරල හිටියේ. හවස 5 ට විතර කට්ටිය විසිරිලා ගියා... ඇත්තටම එදා ගොඩක් සතුටු වුන දවසක්... ආපු අයත් එක්ක කතාකරපු වෙලාවේ හැමෝම එහෙම කිවුවා... තව ගොඩක් දෙනෙක් එන්න හිටියත් එන්න බැරි වුනේ මේක දාගනිපු දවස නිසා කියලයි කිවුවේ. බලමු... ඊළඟ පාර මීට වඩා පිරිසක් එකතු කරගන්න පුලුවන් වේයිද කියලා...

තව තලප ටිකක් කමු ද ?

කන බොන කස්ටිය ඉන්න අඩවියක පසුගිය දවසක "තලප" ගැන ලියැවිලා තියනවා දැකල මට එකට පොඩි ඌණ පුර්ණයක් එකතු කරන්න හිතුණා.
ඇත්තටම "තලප" කියන්නෙ උෂ්ණාධික ආහාරයක් වගේම ටිකක් විතර බර ආහාරයක්. දියවැඩියවට, අධික රුධිර පීඩනයට හරිම ගුණ ගෙනදෙන ආහාරයක්. හදා ගන්න හරිම ලෙහෙසියි. ටිකක් ලොකු භාජනයකට වතුර ටිකක් උණු කරගන්න ඕන,වතුර හොදින් නටන කොට ඒ වතුර එකට කුරක්කන් පිටි එකතු කරල හොදට කවලම් කරන්න ඕන. සාමාන්යරයෙන් විනාඩි 15ක් විතර මේක තම්බාගන්න ඕන. ඒ සදහා තුන් වරක් වතුර දන්න ඕන කියලයි කියන්නෙ. ඒ කවලම් කරන එක අපි දැකල පුරුදු හැන්දකින් කරන්න බැහැ.එකට තියනවා "තලප කූරක්" කියල, එක හොඳට හයිය තියන ලීයකින් හදා ගනිපු දිග කූරක්. මේකෙන් තලප හොඳට තැම්බෙන කල් කූරු ගානවා. ඊට පස්සෙ තලප ටික වට්ටියකට දාල තරමක් ලොකු කොටස් වලට වෙන් කරගෙන ගුලි කරගන්නව. උණු වතුර ටිකක් අතේ තවරා ගෙන මෙක කරනව නම් තලප අතේ ඇලෙන්නෙ නෑ, හැබැයි තලප නිවෙන්න කලින් ඒ කියන්නෙ ලිපෙන් බාපු ගමන් ම මේක කරන්න ඕන. මොකද තලප නිවුනා ම ගුලි කරන්න අමාරුයි. කන්නත් ඒ වගේ ම තමයි, එකත් නිවෙන්න කලින් කරන්න ඕන. ඇත්තටම අපි කිව්වට තලප කනව කියල තලප කන්නෙ නෑ. කරන්නෙ තලප පොඩි කැල්ලක් ලොකු තලප ගුළියෙන් කඩා ගෙන එක හොඳට හොදි වල තවරලා ගිලින එකයි. තවත් එකක් තලප කනකොට එකට ගන්න හොදි වලට කියන්නෙ "ආනම" කියල. අපේ ගම් පලාත වන ගිරුවාපත්තුවේ නම් අනම් වර්ග බොහොමයි. තලප වගේම තමයි ආනම හදා ගන්න හරිම ලෙහෙසියි.
නමුත් මම මගේ ඇස් දෙකෙන්නම දැකල තියනව ඔය කොළඹ රටේ උදවිය තලප හොඳට විකල (බත් කනව වගේ ) ගිලින හැටි. ඒ අය කරන්නෙ තලප කනවට වඩා වතුර බොන එක. ඇයි ඒ අයගේ දත් වලයි උගුරේයි තලප ඇලිල, එක නිසා වතුර බොනවා. ඒ වගේම සමහර (කොළඹ) අය සිනී පොඩ්ඩකුත් තලප හදන කොට එකතු කරනවා. ( දවසක් මම TV එකේත් දැක්ක නිවේදක මහත්තයෙක් තලප ගැන ලොකු විස්තරයක් කරන ගමන් චූඉන්ගම් හපනවා වගේ තලප හොඳට "විකල කැවා" ).
මම කලින් කියපු ලිපියෙ නම් තිබුනා තලප හදන කොට ලුණු ටිකක් දානව කියල. නමුත් එක පසු කාලෙක අපෙ අය කරන්න ගත්තු දෙයක්. මොකද ඉස්සර ඔය වියලි කලාපෙ ජීවත් උන හේන් ගොවිතැන් කරන උදවිය ලුණු භාවිතා කරනව බොහොම අඩුයි, වල් අලිය නිතර ගැවසෙන ප්රවදේශ වල ලුණු තියාගන්න එක බොහොම භයානක නිසා.
මම කලිනුත් කිව්වා අනම් වර්ග ගොඩක් තියනවාය කියලා. දැන් කියන්නම් ගිරුවායට ආවේණික වෙන ආනමක් ගැන. මේකට කියන්නෙ "ගොඩ හොද්ද" කියල.
රතුළුනු, උම්බලකඩ ( වියළි දඩමස් ) හීනියට ලියල මැටි හට්ටියකට දමා ගන්නව. එකටම සියඹලා ටිකක් එකතු කරනව. මේකට අමුමිරිස් සහ ගම්මිරිස් එකතු කරන්නෙ හොඳට අඹරලා, කරපිංචා ටිකකුත් ඕන වෙනව. දැන් මේකට හොඳට නටන උණුවතුර අවශ්ය ප්රඑමාණයට එකතු කරන්න ඕන. ලඟ පාත තක්කාලි ගෙඩියක් තියනව නම් එකත් එකතු කරගන්න. හැබැයි තක්කලි ගෙඩිය ලිපේ අලු යට දාල ගත්තොත් තමයි වඩා රස. තියනවා නම් පොල් කෑලි කිහිපයක් එකතු ගන්න නැතත් කමක් නෑ. මේක විනාඩි දෙක තුනක් වහල තියන්න ඕන.
බලන්න මොනතරම් පහසු ද කියල. මේ විදියට හදා ගන්න ආනම් වර්ග බොහොමයි. තලප එක්ක ඒවගෙ රස කියල වැඩක් නෑ. ඇත්තටම අපි ගෙදර කන කනබොන කැම බීම, හේනකදි, කුඹුරකදි කනකොට ගෙදරදි කනවට වඩා ගොඩක් කන්න පුලුවන් එවගෙම තමයි රස. කුරහන් (කුරක්කන් ), තලප පාදක,පසුබිම් කරගනිපු සාහිත්‍ය අංග, ජනප්‍රවාද බොහොමයක් අපිට හමුවෙනව. එවා දිහා හොඳට බැලුවොත් පෙනේවි කුරහන් කියන්නෙ එදා අපිට නැතුවම බැරි දෙයක් වෙලා තිබුනු වග. එකට පොඩි උදාහරණ ටිකක් ආපහු දවසක දෙන්නම්.

අපේ උසස්‌ අධ්‍යාපනයේ හෙට දවස

ඉතින් කොහොමද කට්ටියගෙ සැප සනීප, පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබුන නිසා මොනවත් ලියන්න කියන්න බැරි උනා. ඒත් මේ හදිසියෙම දැකපු දෙයක් නිසා මොනවා හරි කියන්න හිතුනා. ඔක්කොටම කලින් මේ 'ලින්ක්ස්' දෙක කියවල ඉන්නකො.

http://www.divaina.com/2010/03/18/feature02.html

http://www.asiantribune.com/news/2010/03/16/foreign-varsities-can-set-campus-india

මොකද හිතෙන්නෙ ? ඇයි අපේ අයට බැරි ඉන්දියාව කරා වගෙ විසදුමක් දිල ලංකාවෙන් එලියට යන සල්ලි ටික ඉතුරු කර ගන්න. ඊට පස්සෙ පුලුවන්නෙ ඒ සල්ලි ටික රටේ වෙන වැඩකට යොදා ගන්න.
මම නම් කැමතියි මෙරටේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වෙනවට. ඔය සමහරු කියන විදියට උපාධ් කඩ බිහිවෙනවට. ඒත් ඉතින් සමහර අය තමන්ගෙ දේශපාලන උවමනා එපා කම්වලට කඩේ යවාගන්න 'පොඩි උන් සෙට් එකක්' නැති වෙයි කියල බයට මේ වගෙ දේවල් වලට කැමති නැහැනේ .
( සංවාදයට විවෘතයි )


ජාත්‍යන්තර (නො )හැදියාව

ස්ලිට් එකෙන් කලින්ම මාරු වෙලා 138ක එල්ලුනෙ ඉක්මනට වාඩියට එන්න හිතා ගෙන. ඒ දවස් වල මගේ වාඩිය තිබුනේ කොට්ටාවෙ. මරු ටයිම් එක, ආවේ හිතේ හැටියට වාඩි වෙලා එන්න පුලුවන් ලංගම බස් එකක්. ග්ලාස් හවුස් වලින් හරවල තර්ස්ටන්, කැම්පස් පහුකරල ( ඒ දවස් වල 138 ගියේ එහෙමයි ) තුම්මුලට සැපත් උනා. මමත් පොඩි ඇලා පාරක් එහෙම දාගෙන එනව. පොලිස් පාර්ක් ලගින් බස් එකට නැග්ගෙ ජාත්‍යන්තර පාසල කට යන මානවිකවෝ තිදෙනෙක් සමග අමුතුම ආකාරයට හැද පැලද ගත්ත මානවකයෝ දෙදෙනෙක්.

මුන් ටික බස් එකට නැග්ග විතරයි එක ඇතුලේ තිබුනු නිස්කලංක ගතිය කොහෙන් ගියද දන්නෙ නෑ. කියවන ව කියවිල්ලක් ඉවරයක් නෑ. කොල්ලො දෙන්නට වැඩිය හපන් කෙල්ලො තුන්දෙනා, දවසක් ඒ කෙල්ලො දෙන්නෙක් ගෙ පස්සෙ කොල්ලෙක් ඇවිත්. මේක ඉතින් අනිත් අයට කියනව කියන්නෙ මෙලෝ යකෙකුට ( ඉන්ගිරිසි දන්න ) අහගෙන්න ඉන්න පුලුවන් විදියට නෙවෙයි. වචන 10 ක් කිව්වොත් වචන 5ක් අමු තිත්ත කුණුහරුප. හැබැයි කාටවත් තෙරෙන්නෙ නෑ මොකද කියන්නෙ ඉංග්‍රිසි යෙන් නෙ. මුලු බස් එකටම ඇහෙනව, කිසි අවුලක් නෑ කවුරුවත් මොනවත් කියන්නෙ නෑ (නොතේරෙන නිසාද එහෙම නැත්නම් කියල වැඩක් නැති නිසා ද කියන්න දන්නෙ නෑ ). ඒ කොහොම උනත් ඔන්න ඔක තමයි කතාන්දරේ. හැදියාව, විනය, අන්තිමයි හැබැයි ඉංග්‍රිසි දැනුම නම් උපරිමයි.

කුරුලු පැටවුන් ගේ මල් කැඩීම

ඔන්න දවසක් මම උදේ පාන්දර පක්ෂියත් අතින් අරගෙන (මේ උදේ හත හමාරට විතර ) කැස්බැව බස් ස්ටැන්ඩ් එකේ ඉන්නව වැඩට එන්න. මට ටිකක් අතින් ඉන්නව ටියුෂන් යන්න ආපු "කපල්" එකක්.( සමා වෙන්න ඕන මම එහෙම කිව්වට ). කොල්ලයි කෙල්ලයි බරටම කතාව එතන තිබුන ලොතරැයි කුඩුව අස්සට වෙලා. එක පාරටම එතනට ආව මැදි වයසේ ගැහැණු කෙනෙක්. ඇදල ගත්ත අර කෙල්ලව, බැනගෙන යනව දෙන්නට අම්බානකට. කෙල්ල අඩනව ඇඩිල්ලක් කදුළු ගලනව නිකන් දුන්හිදෙන් වතුර වටෙනව වගෙ. කොල්ලට කරකියා ගන්න දෙයක් නෑ. මිනිහ බිම බලගෙනම ඉන්නව විතරක් නම් බැරියැ ඇඹරෙනව නිකන් උදැල්ලට කැපිච්ච ගැඩවිලා වගෙ.

බැලින්නම් අර ඇවිත් තියන්නෙ ගැණු ළමයගෙ අම්ම. ගැණු ළමය උදේ ගෙදරින් ආවා කියන්නෙ හය හමාරට. පන්ති පටන් ගන්නව කිව්වෙ හත හමාරට ලු. දෝණියැන්දගෙ හොර අල්ලන්නම තමාලු අම්ම ඇවිත් තියන්නෙ. දැන් අම්ම බැනල ඉවරයි. කතා කලා තාත්තට, "අද මම දෙන්නව අතටම අල්ල ගත්ත, තම ඉන්නෙ ස්ටැන්ඩ් එකේ, බලන්න කො අද උදේ ගෙදරින් ආවෙ කියටද කියල, අද පන්ති යවන්න ඕන නැ ඔයා බයික් එකෙන් ඇවිත් ගෙදර එක්ක යන්න" ඊට පස්සෙ ඉල්ල ගත්ත කොල්ලගෙ ගෙදර ටෙලිෆොන් නොම්මරේ. හවසට කොල් කරල ගෙදරට විස්තරේ කියන්නම් කිව්ව. කොල්ලට ඉතින් පාන් කන්න හොදි ඕන නෑ කියල හිතෙන්න ඇති.

ඉතින් ඔය වෙනකොට මටත් යන්න 120ක් සෙට් උනා. එකේ එල්ලිලා එනකොට මට මතක් උනේ දවසක් කොට්ටාවෙදි දැකපු සීන් එකක්. වෙනසකට තියන්නෙ එදා ආවෙ තාත්ත කෙනෙක්, අහු උනේ ඒ තාත්තගෙ පුතා විතරයි, පුතා උදේ පාන්දර ඉස්කෝලෙ යන්න ආපු ගමන්. හබැයි අර අම්ම වගේ නෙවෙයි මේ තාත්ත. ඒ පොඩි එකාට ගැහැව්ව හොදටම දෙනොදාහක් බලගෙන ඉද්දි. අන්තිමට ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් ඇවිත් "තාත්තට සද්දයක් දාල තමයි පුතා" බේරගත්තෙ.

මේව දකිද්දි මට මේ පොඩි උන් ගැන පවු කියලත් හිතුන. එවගෙම තමයි අම්මල තාත්තල අපි ගැන කොයි තරම් බලපොරොත්තු තියගෙන ඉන්නවද කියලත් හිතුනා.ඒ අයගෙ බලපොරොත්තු ඇස් ඉස්සරහම කඩවෙනව පෙන කොට මොනතරම් දුකක් හිතට දැනෙනව ඇත්ද නේ ?