Wednesday, June 1, 2011

පාසල් කාලය ආයෙත් මතකයට නැඟුනු අපේ අවුරුදු උත්සවය...



ඉස්කොලේ අපේ ආදිශිෂ්‍ය කණ්ඩායමේ (හ\වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය මිත්‍රත්ව සංගමය - 2002 කණ්ඩායම ) සියලු දෙනාම එකතු වෙලා සංවිධානය කරපු පළමුවැනි බක්මහ උළෙල සාර්ථක ලෙස පහුගිය 12 වෙනිදා  දවස පුරාම පැවැත්වුනේ අපි කාටත් හිතට ලොකු සතුටක් වගේම සහෝදරාත්මක හැගිමක් එකතු කරමින්. කාලෙකට පස්සේ අපි කවුරුත් එකතු වුනේ ඉස්සර ඉස්කොලේ පන්ති කාමරේ, විද්‍යාගාරයේ, පුස්ථකාලේ වගෙම ක්‍රිඩා පිට්ටනියෙදි  එකතු වෙලා ඉගෙන ගනිපු, සෙල්ලම් කරපු හැගීමෙන්මයි. ඇත්තටම ආදිශිෂ්‍ය සංගමයක් විදියට අපේ දහසකුත් වැඩ රාජකාරි අතරේ අපි ආපු දුර කෙටි උනත් අපි ගොඩක් වැඩ කරා. අමතක කරන්න එපා... අපි එකතු වෙලා කණ්ඩායමක් විදියට වැඩ කරන්න පටන් අරගෙන පහුගිය 12 වෙනිදාට හරියටම අවුරුද්දයි.

"කණාමුට්ටි බිදීම"
"කණාමුට්ටි බිදීම"

කතාව වෙන පැත්තකට ගියද මන්ද ? වැඩේ අපි පටන් ගන්න හිතාගත්තේ උදේ නවයට.කලින් දවසක තුෂරයි, අනුප්‍රියයි අපේ ගෙදර ඇවිත් මොකද 12 වෙනිදා කරන්නේ කියලා කතා කරගත්තු එක ලොකු පහසුවක් වුනා.අපි එනකොට තුෂරය උදේ පාන්දරම තෑගි ටිකත් අරගෙන හොටෙල් එකට ඇවිත් තෑගි පාර්සල් කරනවා (අපරාදේ කියන්න බෑ තුෂරයා බැහැලම වැඩ ටික කරා. ගේම් ටික ගානට ප්ලැන් කරල කරා). කොහොම හරි සුපුරුදු විදියට කට්ටිය ඔක්කොම සැපත් වෙනකොට උදේ නමයේ කැලිත් නෑ... එකනිසා අපිට කණාමුට්ටි ටික එල්ලලා, ගස්ලබු ගෙඩියක් වගෙම යෝගට් එහෙම ගෙනල්ල ලැහැස්ති වෙන්න වෙලාව තිබුනා … ඇයි අපි බනිසුත් ගෙනාවා. ආහ් ... කණාමුට්ටි එල්ලද්දි මරු වැඩක් උනා... රසිකයයි තුෂරයයි තමයි වැඩේ කරන්නේ... එක කොහුලණු පොටක මුට්ටි හතරක්ම එල්ලගෙන දෙන්නත් එක්ක ලණුව අදින්නයි යන්නේ...එක ලණුපොටකට මුට්ටි හතරක් එල්ලන්න පුලුවන්ද?... මුට්ටි ටික ලණුපොටත් එක්ක කඩාගෙන වැටුනා... වෙලාවට එක මුට්ටියයි බිදුනේ... ඔය තියන්නේ ඒ කලින්ම බිදපු මුට්ටිය... (හැබැයි අපේ එක්කෙනෙක් එක ආපහු ගේම් එකේදිත් බින්දා... මට මතක හැටියට සුධීරයා හරි අකිලයා හරි...).

මේ අතරේ කට්ටියක් බැලුම් පුම්බනවා මුට්ටි එල්ලපු කණුවේ ගැට ගහන්න. උන්ටික ගෙනාපු බැලුම් ටික ඔක්කොම පුම්බලා... ( රසික, හර්ෂ, මහේෂ්, සුගත් එතන හිටිය මතකයි ) දැන් ඉතින් කොහොමද බැලුම් පුම්බන තරගය තියන්නේ...කෝ ඒකට පුම්බන්න බැලුම්... ඒක නිසා එක කැන්සල් කරන්න වුනා...

"වැඩසටහන් විස්තරය"
"වැඩසටහන් විස්තරය"

නවයයි හතලිස්පහට විතර කට්ටියට කිවුවා කරන්න යන තරඟ ගැන විස්තරයක්... හැම තරගයකටම ලැබුනේ ඉහලම සහභාගිත්වයක්... "යෝගට් කැවීම", "බනිස් කෑම" වගේ තරඟ වල සහභාගිත්වය සීමා කරන්නත් වුනා... බනිස් කෑමටනම් නාලක නැණරුවන්ට උඩින් කවුරුවත් ගියේ නෑ... මිනිහ බනිස කෑව නෙවේ මැජික් එකක් කරල එක බඩ ඇතුලේ හැන්ඟුවා... තව බනිසක් තිබුන නම් එකත් කනව... ඊට පස්සේ "දෙහිගෙඩ්ය හැන්ද උඩ තබාගෙන යාම", "ඉදිකටුවට නුල දැමිම" වගේ තරඟ තිබුනා..."රහසක් කියන්න සෙල්ලම" තමයි තියපු හොදම සෙල්ලම...මෙකට හිටියේ "වතුර පුරවන සෙල්ලමට " හිටපු ටීම් දෙකම තමයි... කරන්න තිබුනේ කලින් කියන කතන්දරයක් රහසක් විදියට පාස් කරන එක... අන්තිම කෙනාගෙන් අපිට ආපහු එක කියන්න ඕන... "ජුඩ් ගේ ගම කඳාන... නෙහාරා ජුඩ් ගේ සැලුන් එකේ වැඩ කරත්, ජුඩ්ගේ ලගින් නෙහාරා ඉන්න එක ගැන ෂෙරින් එච්චර කැමති උනේ නෑ... ෂෙරින් කියන්නේ දුවෙකුයි පුතෙකුයි ඉන්න ඇන්ට් කෙනෙක්... ජුඩ්ගේ සැලුන් එකට ගොඩ්වානාලන්ඩ් කියලා නම දාන්න යෝජනා කරේ මාකස්... මාකස් කියන්නේ කොළඹ දහය ටෙම්ප්ලර්ස් පාරේ සෙන්ට් ජොශප් එකේ ඕබි සාමාජිකයෙක් ගෙ යාළුවෙක්" ඔය එක කතාන්දරයක් විතරයි... ඔය වගේ තවත් කතාන්දරයක් අනික් කණ්ඩායමටත් ලැබුණා. කණ්ඩායම් දෙකම හොඳට තරඟ කරා... අන්තිමට මොකද දන්නවාද වෙලා තියන්නේ... කණ්ඩායම් දෙකේම අය අන්තිමට ඉන්න කෙනාට කතාව (රහස ) එස්.එම්.එස් කරලා...

එහෙම කරල එක හරි ලොකු හපන් කමක් කරා වගෙ කියනව තෑගි ගන්න වෙලාවේ, අපි දිනුවෙ මෙහෙමයි කියලා... දැන් ඉතින් මොකද කරන්නේ. "බෝතලයට වතුර පුරවන" කණ්ඩායම් තරගයත් දිනුවේ ඒ ටීම් එකමයි... වහාම ඒ අයගේ "බෝතලයට වතුර පුරවන" දිනුම අවලංගු කරලා අනිත් ටීම් එකට ඒ තෑග්ග දුන්නා... මෙන්න එතකොට ඒ අයත් කියනවා "අපිත් එස්.එම්.එස් යැවුව... ඒ වුනාට එක හරියට යවාගන්න  බැරි වුනා කියල" මොනවා කරන්නද ඉතින් මීට වඩා හොදයි එස්.එම්.එස් යවන තරගයක් තිබුනා නම් කියල හිතුනා... අපේ "කොඩියා" නළුවෙක් වගේ ? ඇදගෙන ඇවිත් තිබුනා( මිනිහා ඉතින් ඉස්සර ඉදලම ඇදගෙන හිටපු කෙනෙක් නිසා වැඩි අවුලකුත් නැහැ ...) හොද කලිසමක් ෂර්ට් එකක් ඇදලා සපත්තු දෙක මුණ බලන්න පුලුවන් තරමට පොලිෂ් කරලා... බලන්න එපායැ මිනිහා බීච් එකේ තියපු අවුරුදු උත්සවයට ආපු හැටි. අපරාදේ කියන්න බෑ එහෙම ඇවිත් බිත්තර අල්ලන තරගෙටත් සහභාගි වුනා. අපරාදේ බිත්තර අල්ලන තරගෙට ආපු අපෙ අය බිත්තර 12ක්ම කුඩුකරානේ... එහෙමත් නාස්තිකාරයෝ රෑනක්... අපි දෙන්නත් ගියා ඒ තරගෙට... හතර පස් වතාවක් ම අවුලක් නැතිව හිටියේ බිත්තරේ බිමට වැටුනත් කුඩු වුනේ නැති නිසා... "රත්නසිරියට " ඒ තරගය දිනා ගන්න තිබුනා... කොහේදො හිටපු බල්ලෙක් පැන්නනේ බිත්තරේ අල්ලන හදන කොට...ගස්ලබු ගෙඩියේ ඇට ගණන්  කරන එකට පුංචිහේවා නම් තුනකින් ඉදිරිපත් වෙල තිබුනා... මොනව කරන්නද ඒකට හරි ගාණන ඒත් කියාගන්න බැරිවෙලා තිබුනා.

"ගෙම්බාට ඇස තැබිම"
"ගෙම්බාට ඇස තැබිම"

අන්තිමටම තිබුනු තරගය තමයි ගෙම්බාට ඇස තැබිම. අලුත් සෙල්ලමක් නේද? හදුන්වාදිමේ ගෞරවය හිමි වෙන්නේ අපේ "කළු සුපුන්" ට. සුභානි තමයි ගෙම්බාට ඇස තැබිමේ තැග්ග ගත්තේ.( සුබානි මංජුල අයියත් එක්ක ඇවිත් හිටියේ චුටි දුවවත් එක්ක ගෙන. ඇත්තටම එක ගොඩක් අගය කරන්න ඕන දෙයක්. අපි කවුරුත් එකට එකතු කරන්න එක මේ වගෙ අවස්ථාවක් සංවිධානය කරන එකෙන් බලාපොරොත්තු වුනා, මංජුල අයියා තමයි තැගි බෙදල දුන්නේ.  චුටි දුවත් මට හිතෙන්නේ ගොඩක් සතුටු වුනා, ඇයි එයාට මාමිල නැන්දිලා ගොඩාක් බලාගන්න ලැබුනා නේ).

තැගි වලට දුන්නේ ගෙදර අරගෙන ගිහින් අල්මාරිවල දාලා තියන ජාතියේ ඒවා නෙවෙයි. ඔක්කොම දුන්නේ කන බොන ජාති... එක නිසා තරග දිනුව පැරදුන හැමෝම ඒ තැගි එතනම තියාගෙන "රස බැලුවා".   එතනින් පස්සේ තරග ටික ඉවර වුන නිසා කට්ටියක් "හීනියට" ටිකක් විතර "අනුමත" වුනා. ඊට පස්සේ තමයි බුෆේ එක පටන් ගතේ... කට්ටිය සැදිපැහැදි බලාගෙන හිටපු බව තෙරුනේ වැඩි වෙලාවක් යන්න කලින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වුන නිසා. සමහරු අඳුන  ගන්න අමාරු වුනා, මුණ කෑම පිඟානට  වැහිලා තිබුනේ,ඉතින් ප්‍රයිඩ් රයිස් එක ඉවර වෙන එක අහන්නත්  දෙයක් ද? ජයනෙත් ට කෑම කාල නැගිටින්නත් අමරු උනා කියලයි කට්ටිය කිවුවේ. කාල  බීල ඉවර තමයි කටිය නටන්න එකතු වුනේ. ස්ත්‍රි පාර්ශවයත් නැටුමට එකතු කරගන්න "කලු සුපුන්" ගොඩක් මහන්සි වුනා, මොකද මිනිහා ඒ වෙනකොට "කාලක් ක්‍රියාකරල" කරල හිටියේ. හවස 5 ට විතර කට්ටිය විසිරිලා ගියා... ඇත්තටම එදා ගොඩක් සතුටු වුන දවසක්... ආපු අයත් එක්ක කතාකරපු වෙලාවේ හැමෝම එහෙම කිවුවා... තව ගොඩක් දෙනෙක් එන්න හිටියත් එන්න බැරි වුනේ මේක දාගනිපු දවස නිසා කියලයි කිවුවේ. බලමු... ඊළඟ පාර මීට වඩා පිරිසක් එකතු කරගන්න පුලුවන් වේයිද කියලා...

No comments:

Post a Comment