Wednesday, June 1, 2011

කුරුලු පැටවුන් ගේ මල් කැඩීම

ඔන්න දවසක් මම උදේ පාන්දර පක්ෂියත් අතින් අරගෙන (මේ උදේ හත හමාරට විතර ) කැස්බැව බස් ස්ටැන්ඩ් එකේ ඉන්නව වැඩට එන්න. මට ටිකක් අතින් ඉන්නව ටියුෂන් යන්න ආපු "කපල්" එකක්.( සමා වෙන්න ඕන මම එහෙම කිව්වට ). කොල්ලයි කෙල්ලයි බරටම කතාව එතන තිබුන ලොතරැයි කුඩුව අස්සට වෙලා. එක පාරටම එතනට ආව මැදි වයසේ ගැහැණු කෙනෙක්. ඇදල ගත්ත අර කෙල්ලව, බැනගෙන යනව දෙන්නට අම්බානකට. කෙල්ල අඩනව ඇඩිල්ලක් කදුළු ගලනව නිකන් දුන්හිදෙන් වතුර වටෙනව වගෙ. කොල්ලට කරකියා ගන්න දෙයක් නෑ. මිනිහ බිම බලගෙනම ඉන්නව විතරක් නම් බැරියැ ඇඹරෙනව නිකන් උදැල්ලට කැපිච්ච ගැඩවිලා වගෙ.

බැලින්නම් අර ඇවිත් තියන්නෙ ගැණු ළමයගෙ අම්ම. ගැණු ළමය උදේ ගෙදරින් ආවා කියන්නෙ හය හමාරට. පන්ති පටන් ගන්නව කිව්වෙ හත හමාරට ලු. දෝණියැන්දගෙ හොර අල්ලන්නම තමාලු අම්ම ඇවිත් තියන්නෙ. දැන් අම්ම බැනල ඉවරයි. කතා කලා තාත්තට, "අද මම දෙන්නව අතටම අල්ල ගත්ත, තම ඉන්නෙ ස්ටැන්ඩ් එකේ, බලන්න කො අද උදේ ගෙදරින් ආවෙ කියටද කියල, අද පන්ති යවන්න ඕන නැ ඔයා බයික් එකෙන් ඇවිත් ගෙදර එක්ක යන්න" ඊට පස්සෙ ඉල්ල ගත්ත කොල්ලගෙ ගෙදර ටෙලිෆොන් නොම්මරේ. හවසට කොල් කරල ගෙදරට විස්තරේ කියන්නම් කිව්ව. කොල්ලට ඉතින් පාන් කන්න හොදි ඕන නෑ කියල හිතෙන්න ඇති.

ඉතින් ඔය වෙනකොට මටත් යන්න 120ක් සෙට් උනා. එකේ එල්ලිලා එනකොට මට මතක් උනේ දවසක් කොට්ටාවෙදි දැකපු සීන් එකක්. වෙනසකට තියන්නෙ එදා ආවෙ තාත්ත කෙනෙක්, අහු උනේ ඒ තාත්තගෙ පුතා විතරයි, පුතා උදේ පාන්දර ඉස්කෝලෙ යන්න ආපු ගමන්. හබැයි අර අම්ම වගේ නෙවෙයි මේ තාත්ත. ඒ පොඩි එකාට ගැහැව්ව හොදටම දෙනොදාහක් බලගෙන ඉද්දි. අන්තිමට ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් ඇවිත් "තාත්තට සද්දයක් දාල තමයි පුතා" බේරගත්තෙ.

මේව දකිද්දි මට මේ පොඩි උන් ගැන පවු කියලත් හිතුන. එවගෙම තමයි අම්මල තාත්තල අපි ගැන කොයි තරම් බලපොරොත්තු තියගෙන ඉන්නවද කියලත් හිතුනා.ඒ අයගෙ බලපොරොත්තු ඇස් ඉස්සරහම කඩවෙනව පෙන කොට මොනතරම් දුකක් හිතට දැනෙනව ඇත්ද නේ ?

No comments:

Post a Comment