Saturday, November 19, 2011

කවද්ද තියන්නේ… දැම්ම නිවාඩුවක් දාන්න…



හෙලෝ මචං… උඹ ඊයේ රෑ කෝල් කරලා තිබුනා…
ඔව්… ඔව්… මම ගත්තා, දැන් කතා කරන්න පුලුවන්ද? වැඩට යන ගමන් ද?
මම දැන් ඕෆිස් ඉන්නේ බං… ඊයේ ගෙදර යන කොට තමයි උඹ ගත්තේ…
ගෙදර ගිහින් ගන්න හිටියේ… බැරි උනා බං… හරි මහන්සියි… නිදා ගත්තා…සොරි මචං…
අවුලක් නෑ…
ඉතින් කියපං කෝ මොකක්ද කේස් එක…
මචං උඹේ අර වැඩේට කීයක් විතර වියදම් උනා ද?
මොන වැඩේ ද බං…. ආ….හ්… පිස්සු හැදේයි කිව්ව ලු…
අප්පට හුඩු… කවද්ද තියන්නේ… දැම්ම නිවාඩුවක් දාන්න…
තවම දවසක් නම් නෑ… ඊලඟ අවුරුද්දේ සැප්තැම්බර් වලින් පස්සේ ගන්න බැලුවේ…
එල කිරි… උඹට තව කල් තියනවා… ඉස්සර වෙලා දවසක් බලාපං
මචං සිරාවටම මම නම් ගියපු ගණන  මෙන්න මෙච්චරයි කියලා කියන්න් දන්නේ නෑ…
ඇයි ඒ… උඹ සල්ලි වියදම් කරේ ඒවා ගැන බලන්නේ නැතුවද…
බලන්නේ නැතුව නෙවේ බං … බැලුවා කියලා වැඩක් නෑ… කොහොමටත්  ඒ වියදම් කරන්න වෙනවනේ…
අන්තිමේදි නිකන් බොරුවට පිස්සු හදාගන්නේ මොකටද නේ…
සිරාවට…
දැන් උඹට දැනගන්න ඕන ගමේ කරපු එක ගැනද කොළඹ තියපු එක ගැනද…
ගමේ… ගමේ… මට කොළඹ කරන්න තරම් සල්ලි නෑ…
විත් ලිකර් ද විත් අවුට් ලිකර් ද…
විත් අවුට් ලිකර් කියපන්… මම බොන්නෙ නෑ නේ… එක නිසා මගේ එකට දෙන්නේත්  නෑ…
පිස්සු වැඩක් බං… දෙන්න එපා… ඕක උඹ ලාබ ප්‍රයෝජන බලාගෙන කරන වැඩක් නේවෙයි නේ…
එන කෙනා කාලා බීලා හිතේ සතුටට දෙනවනම් දෙයක් දෙයි..
බොන්න දුන්නා කියලා උඹට ලැබෙන ගානේ වෙනසක් වෙන්නේ නෑ..
අනිත් එක මචං කියන්න ඕනම අයට විතරක් කියපන්…
දැන් කාලේ මිනිස්සු ඔය වගේ දේවල් වලට කතා නොකරනව නම් තමයි වඩාත් කැමති…
ගමේ නේ ගන්නවා කිව්වේ… කියපන් මම සෙට් කර ගතු උන් ටිකම සෙට් කරල දෙන්නම්…
ජුවෙලරීස් වලට තමා උඹට සැර ගානක් යට කරන්න වෙන්නේ…
දැන් පවුමක්ම වෙනවා ####ක් උඹට වැඩ කුලිය යත්  එක්ක සෙට් වෙයි ####ක් වත්…
ඒක නිසා හොදම වැඩේ දැන්ම ඇඩ්වාන්ස් එකක් දීලා හදන්න කියපන්…
මාලෙටයි මුද්දටයි අඩුම පවුම් ##ක් වත් යයි…
හපොයි…
කලින්ම සාරි 02 ක ගනින් මොකද උඹට අනිත් ඒවා ඔක්කොම මැච් කරන්න වෙන්නේ ඒවගේ පාටත් එක්ක…
ඒකට උඹට අඩුම ගානේ ##### ක් වත් යයි…
ඇල්බම් එකටත් #### ක් #### ක් යයි… අඩුම ගාන ආ…
වීඩියෝ කරොත් තවත් ####ක් ####ක් ඇඩ් වේයි…
නැ… නැ ඕන නෑ.. හොටෙල් එකකද ගන්නේ… එහේම නම් කියපන් මම ගත්තු තැන ෂේප්…
##### ට තියන පැකේජ් එක හොදයි…
සෙටි බැක්, ෆ්ලවර් ඩෙකරේෂන්ස් එතකොට මියුසික් …
මෙවටත් වියදම් කරන්න වේයි…
පණ යන වැඩක් නේ බං…
ඒ වට අමතරව උඹට තව වියදම් වලටත් #### විතර යට කරන්න වෙයි…
පොඩි පොඩි දේවල් වලට…
කාඩ් වට… කේක් වලට… දෙන්න එක්ක බෙදාගෙන වියදම් කරන්න…
ගෙදර අයට වගෙම උඹේ පරිවාර පිරිසටත් ඇදුම් හදාගන්න එපාය…
අනේ මන්දා… මේ ලැබෙන පඩියනම් මදි…
ඒක තමයි මම වියදම් ගැන හරියටම නෝට් කර නොගත්තේ…
අනවශ්‍ය වියදම් නම් උනේ නැ…
මම නෙවි මචං කවුරු කරත් අන්තිමේ දි පාඩුවක් මිසක් ලාබයක් නම් නෑ…
එක එහෙමයි කියලා නොකර ඉන්නත් බෑ…
සල්ලි නෑ කියලා කල් දැම්මා කියලා තේරුමකුත් නෑ…
චාරිත්‍ර වාරිත්‍ර ටික හරියට කරපන්…
මොනවා හරි තියනවා නම් කියපන්…අවුලක් නෑ… මමත් උදවු වක් දෙන්නම්…
ඕකේ මචං අපි තිබ්බා… පස්සේ සෙට් වෙමු…
හරි හරි මම ආපහු කතා කරන්නම් කෝ…

බබාලා නිදිද ? ….

මේ දවස් වල සාමාන්‍යයෙන් ඔෆිස් ඉඳලා ගෙදර යන්නේ ටිකක් රෑ වෙනවා… අලුත් තැනකට ආවම ටිකක් එක විදියකට ඉන්න එපාය… රස්සාව ස්ථිර කරන කල් වත්. දවසක් ඒ වගේ යන කොට බස් එකේ මගේ පිටිපස්සේ ෂිට් එකේ ඉදපු කෙනා කෝල් එකක් ගන්නවා, උස් හඩින් කතා කරන නිසා මටත් ටිකක් පැහැදිලිව ඇහෙනවා මොනවද කතා කරන්නේ කියලා.

"බබාලා නිදිද ? …. දැන් ගොඩක් වෙලා වෙනවද…
බැරිද කතා කරලා තියා ගන්න, තාත්ති එනවා කියලා…
ඔව් ඔව් මම මේ කිට්ටුව ඉන්නේ ගෙදරට මොනවත් ගෙන්න ඕනිද ?
දෙන්නව පොඩ්ඩක් තියාගන්න බලන්න… දවස් දෙකකින්  කතා කරන්න බැරි වුනා…."

උදේ ට ගෙදරින් පිටවෙද්දිත් ආපහු හවසට ගෙදර යන කොටත් පොඩි දරුවන් නිදි… සති අන්තේ දීවත් මේ හුඟ දෙනෙක් ට ගෙදර ඉන්න විදියක් නෑ… ගෙදර වැඩ, එහෙමත් නැත්නම් තවත් විවිධාකාර වැඩ.දෙමාපියන්ට තමන්ගේ දරුවන්ව සුරතල් කරන්න ඒ අයගේ උවමනා එපා කම් සොයා බලන්න වෙලාවක් නෑ, ඔවුන්ට ආදරෙන් කතා කරන්න වෙලාවක් නෑ, පුදුම විදියට අවිවේකී වුන ජීවන රටාවක තමයි ජීවත් වෙන්නේ…අම්මා තාත්තා දෙන්නාම වැඩට යනවා නම් ගොඩක් වෙලාවට පොඩි උන්ට දවල් දවස ගෙවන්න වෙන්නේ "දිවා සුරැකුම්" මධ්‍යස්ථානයක. පාසල් යන්න වයසක නම් උදේ වරුව පාසලේත් සවස් වරුව අමතර පන්තිවල. ඉතින් දරුවන්ට කොහෙන් ද අම්මා තාත්තා එක්ක ඉන්න වෙලාවක්, දෙමාපියන්ට කොහෙන්ද ළමයි එක්ක ඉන්න වෙලාවක්.

යන්තම් තේරෙන වයස එන කොටම මේ පොඩි වුන් තමුන්ට ගෙදරින් ලැබුනේ නැති ආදරය කරුණාව වෙන විදියකට හොයාගන්න පෙලඹෙන එක අහන්න දෙයක්  නෙවේයි. ඊට පස්සේ ඒ ළමයි ජීවත් වෙන්නේ අමුතුම ලෝකෙක… ඒක කවදාවත් නොදැකපු අත්විදපු නැති ඒ වගේම සීමා මායිම් නොදන්න අමුතුම ලෝකයක්… ඒහෙම ඇවිදගෙන යද්දී පාර වැරදිලා අතරමං වුන ළමයින් අපිට නොයෙක් වෙලාවට දකින්න ලැබෙනවා… හැබැයි ඒ හුඟ දෙනෙක්ගේ අම්මා තාත්තලාට ගොඩක් සල්ලි තියනවා.

වාඩියේ කොලුවා ඉතිහාස ගතවෙයි….


එය වුකලී තවත් එක් දවසක් විය, කොල්ලන් රැස්වන පිටියක පිහිටි "ගොඩක් කන්න" අවන්හලෙන් ගෙන එන ලද දිය යටින් යන වාහන දෙකක්ම ගිලදමා ඔෆිසිය අසල ගෙනවිත් හිටවන්නට යෙදුනු කැන්ගරුවෙකු පිට නැගී නිවෙස් බලා පිටත් වන විට වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් පැවතුනි.සියලු වත්පිලිවෙත් අවසානයේ නිදා ගැනිමට සුදානම් වුයේ නැවතත් උදෑසන නවයේ කනිසමට ඔෆීසියේ සිටිය යුතුබවත් මෘදුකාංග ඉංජිනේරු වෘත්තියේ ඇති ඒයට අනන්‍ය වු මාහැඟි නිදහස් හා නිවහල් බවත් මෙනෙහි කරමිනි.
බිත්තිය දෙසට හැරී වකුටුවි නිදාගත්තේ ඇද උඩ ඇති පොත්පත් හා රෙදි ගොඩවල් නිසා නොව මා ගේ ජ්න්මයට වඩා ලොකු පුරුද්ද ලොකු වු නිසාමය. විදුලි පහන නිවා දැමුබව හොදටම මතකය, නමුත් කාමරය හොදින් ආලෝකමත් වී ඇත. යමෙකු මා පිටුපස සිට නිදාගන්නා මාදෙස බලාගෙන සිටින බව මට දැනේ…
නිදා ගැනීමට නොදී විකාර කරන්නේ කවුරුද යන්න බලාගැනිමට මා තුල ඇතිවුයේ මෙපමන යැයි කිව නොහැකි තරමේ ආශාවකි.අනෙක් පස හැරි බලන විට දුටූවේ ඇද ලඟ සිටගෙන සිට්න මීට කලින් දැක නොමැති පුද්ගලයන් තිදෙනෙකි, මිනිස් ශරිරයට ආසන්න වශයෙන් සමාන වු ඔවුන් ගේ ශරීරයෙන් සියුම් ආලෝක දහරාවක් නිකුත් වු අතර කිසියම් නොතේරෙන භාෂාවකින් කතා කරමින් සිටියේය.ආලෝකය විහිදෙන ශරිර සහිත සත්වයන් ලෙස මිට පෙර මා දැක අතේ කාලාමැදිරියන්  හා රෑබදුල්ලන්  පමණකි, නමුත් මේ නම් ඔවුන් විය නොහැක. මාගේ වම් කණ මා විසින් අංශක තිස් හත හමාරක් වමටත් දකුණටත් කරකවන්නට යෙදුනේ තව දුරටත් මා පසු වුයේ නින්දේ දැයි සැක හැර දැනගැනීමට මය. නැත මා තව දුරටත් නින්දේ නැත.  ඉදිරිපිට  ඇති හා සිදුවන සියල්ලම සත්‍ය හා සැබැය. වහාම  මටම අනන්‍ය වු පුරුෂ ශක්තිය සොයාගත් මා සුදානම් වුයේ මා ඉදිරිපිට සිටින මෙම අද්භුත සත්ව කොට්ඨාශය හදුනා ගැනිමටය.ආශ්චර්යක මහත, ඔවුන්ම මාහට ඔවුන් කවුරුන්ද යන්නත් පැමිණි කාරණයත් ප්‍රකාශ කරන ලදී. ඒසේ  ඔවුන් කී පරිදි ඔවුන් පැමිණ ඇත්තේ පෘතුවියට වඩා ආලෝක වර්ෂ ගණනක් දුරින් වන ග්‍රහලෝකයක සිට ඔවුන් ගේ මැතිවරණ ව්‍යාපරයක් සදහා මාගේ සහයෝගය හා  ඒ පිළිබද විද්වත් උපදේශන සේවාවක් බලාපොරොත්තුවෙනි. පසුගිය දිනෙක ඔෆිසීයේ දිවාආහාර වේලාවේ " වත්මන් දේශපාලනයේ නව ප්‍රවනතාතුල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක කාර්ය භාරය" මැයෙන් මා විසින් මිතුරන් ඉදිරියේ පවත්වන්නට යෙදුනු විශිෂ්ඨ ගණයේ දේශණයට මොවුන් අතිවිශේෂ සන්නිවේදන මාර්ග භාවිතයෙන් සවන්දී ක්ෂේත්‍රයේ මා හට පවතින පෘතුල දැනීම් සම්භාරය සම්බන්ධයෙන් පැහැදීමට පත්ව ඇත. ඒ අනුව ඔවුන් නියෝජිත පිරිස මා හමුවේ ඔවුන් ගේ ගැටලු මා හමුවේ විස්තර කරන ලද්දේ ඒ පිළිබදව විද්වත් පිළිතුරු බලාපොරොත්තුවෙනි. මෙය නම් අතිවිශිෂ්ඨ ගණයේ අවස්ථාවකි, නිරන්තරයෙන්ම  මාගේ දැනුම් සම්භාරය අවඥාවට ලක්කරන අප පවුලේ උදවිය සිටිය යුතුම අවස්ථාවකි, පිටසක්වලට උපදෙස් දීමේ මාහැගි ඉතිහාස ගතවන අවස්ථාවකට මා සුදුසුකම් ලබා ඇත. නමුත් නියෝජිත  පිරිසේ හා මාගේ ආරක්ෂාව පිණිස මෙය රහසිගත හමුවීමකටත් පසුව පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කරුණු හෙලිකිරීමේත් මුලික එකඟතාවලින් පසු මගේ උපදෙස් ඔවුනට ලබාදෙන ලදී.

ආරම්භක පියවර ලෙස මැතිවරණයට පෙරසිටම තමාගේ නමේ කොටසක් ද යොදා "පදනම්ක්" සාදා ගත යුතු බවත් ඒකී පදනම මගින් විවිධ සමාජ සත්කාර කර ඒ සදහා වියදම් වු මුදලට වඩා මුදලක් වියදම් කර කරන ලද දේ සදහා ප්‍රචාරණයක් ලබාදීම අනිවාර්යය බව ප්‍රකාශ කලෙමි.

එමෙන්ම මැතිවරණ වේදිකාවේ පොරොන්දු ලබාදීම දැන් ඒතරම් සිදු නොවන්නක් බවත් පොරොන්දු ලබාදිය යුතුම නම් ලබාදිය යුත්තේ නිවාස, රැකියා, අධ්‍යාපනය වැනි කාරණා පදනම් කරගෙන බවත් ප්‍රකාශ කලෙමි.

"ත්‍රස්තවාදය" නැමති වචනයට මැතිවරණ වේදිකාවේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකල හැකිබව මා ප්‍රකාශ කල අතර එකී වචනය තවත් ඕනෑම වචනයක් සමග යෙදීමෙන් අමුතුම ආකාරයේ හැගිමක් පහල වන බවත් ඒමගින් අතිසාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකිබවත් උදාහරණ සහිතව ප්‍රකාශ කලේ ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදය.

"බෙන්ගාසී" පන්නයේ කැරළි ගැන නිරතුරුවම කැගැසිය යුතු බවත්, අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රන  හා බලවේග ගැනද කතා කලයුතු අතර ඒ සදහා කෙසේ හෝ ප්‍රතිවිරුද්ධ පක්ෂ වල අපේක්ෂකයන් ඇදා ගැනීම කල යුතුය (මෙහිදි "බෙන්ගාසී" පන්නයේ කැරළි යනු මොනවා දැයි පැහැදිලි කර දීමට මට සිදුවිය )

මැතිවරණ ක්‍රියාවලිය පුරාම අවි ආයුධ භාවිතය අනිවාර්ය බව ඔවුනට පැහැදිලි කරදීමට මට විශාල වෙහෙසක් ගැනීමට සිදුවිය. දේශප්‍රේමීත්වය ඉහ වහා ගොස්තිබිය යුතුය. ඒය ක්‍රියාවෙන් මෙන්ම කතාවෙන්ද පෙන්විය යුතුය.මේ ආකාරයෙන් මාගේ උපදේශන සේවාව පවත්වාගෙන යන අතරතුර  එය අප පියාණනන් හට ශ්‍රවණය වී මට නිස්කාරනයේ බැනවදින්නට විය. ඔහුගේ අදහස වන්නේ රෑ දෙගොඩ හරි යේ එන මා නිදාගෙන ස්වල්ප වේලාවකින් හීනෙන් දොඩවන බවත් මා නිසා අන් අයටද නිදා ගැනීමට නොහැකි බවත්ය. මාහට නිස්කාරනේ නැගෙන අවලාද හා දෝෂාරෝපණ අසාසිටීමට නොහැකි වු පිටසක්වල ඇත්තන් පිටත්වී ගියේ නැවත එන බවත් ලබාදුන් උපදෙස් පිලිපදින බවත් පවසමිනි.

නමුත් ඔවුන් අද වනතුරුත් නැවත පැමිණියේ නැත. දේශපාලුවන්ගේ හැටි ඔහොමය… උන් පිටසක්වලද, මෙම සක්වලේද කියා වෙනසක් නැත. කියන්නෙම බොරුය…හරිගිය පසු මුල අමතක කරන්නෝය… තුච්චය…නින්දිතය…අසමජ්ජාතියෝය.

ටොෆි කොළ ඇදපු හැටි…


වාඩියේ ළමයාට හදිස්සියේම උගේ පුංචි සන්දිය මතක් වුනා… කට්ටියට මතකද ඉස්සර "බන්ටි" කියලා ටොෆි ජාතියක් තිබුනා… ඒ ටොෆියේ කොළය අඩියක් දිගට ඇද්දාම තැග්ගක් දෙනවා කියලා ටොෆි කොල ඇදපු හැටි. හැබැයි කවුරුවක් වත් හරියටම දැනගෙන හිටියේ නෑ එහෙම තැගි ලැබුන කෙනෙක් ගැනවත් ලැබුනේ මොන තැගිද කියලවත්. කවුරුත්ම කලේ ටොෆි කොළ අඩියක් දිගට ඇදපු එක තමා… මෙහෙම යන කොට එක එක ආරංචි එනවා  අන්න අහවල් කෙනාට ටොෆි කොළ ඇදලා බයිසිකයක් ලැබුනය, ක්‍රිකට් බැට් එකක් ලැබුනාය කියලා, හැබැයි දැකපු කෙනෙක් නම් නෑ. මේවගේ ආරංචි වලින් ෆොර්ම්  වෙන අනිත්  උනුත් කරන්නේ තව තව ටොෆි කොළ අදින එක. ඉන්ටවල් එකට එහෙම ඇදපු ටොෆි කොළ බැග් ඒකේ දාලා සෙල්ලම් කරන්න යන්නේ නෑ ඒවත් අරගෙනයි යන්නේ … එහෙම නැත්නම් එන කොට ටොෆි කොළ නෑ… කවුරු හරි ඒවා "ගල්" කරලා… පංති බාර මිස්ලාට බේරුමක් නෑ ටොෆි කොළ නඩු විසදලා… අන්තිමට පැමිණිල්ලටයි විත්තියටයි දෙකටම දඩුවම් කරන්න  අරගත්තා… අන්තිමට මේ ටොෆි කොළ සෙල්ලම එහෙන්මම  නැතිවෙලා ගියා…

ඊලඟට ආවේ  "එඩ්නා" චොක්ලට් වල ස්ටිකර් එකතු කරන සෙල්ලම… ඒකටනම් ඉතින් තෑගි ලැබුනා නේ… ඒත් ඉතින් තෑග්ගට අදාල ස්ටිකර් සෙට් එකම හොයා ගන්න ඒක තමයි අපේ අයට කේස් එක වුනේ… සමහර උන් දුර පලාත්වල ගිහිල්ලා තිබුනා ස්ටිකර් හොයාගෙන. සමහර අය හොද ගණනක් හොයා ගත්තා එහෙම හොයා ගනිපු ස්ටිකර් ඒවා ඒකතු කරපු අයට විකුණලා.අපේ අය සමහර කඩවල් වල ට නම් දාලා තිබුනා….179 කඩේ… 190 කඩේ… මේවා මේ කඩවල වල නොම්මර එහෙම නෙවි… ඒ කඩවල් වල තියන ස්ටිකර්ස්  වල නොම්මර… අපේ අය දන්නවා ඒ කඩවල් වලින් චොක්ලට්  ගත්තොත් ලැබෙන්නේ ඒ ස්ටිකර් කියල්ලා. ඒක නිසා ඒ කඩවල් වලට දාලා තියන්නේ ඒ ස්ටිකර් නොම්මර.

අනේ එහෙමත් කාලයක්… දැන් ඒවා ගැන මතක් කරන්නේත් හරිම ආසාවකින්….