Wednesday, June 1, 2011

ඔටෝ ගියර්

දැන් අලුතින් එන වාහන හැම එකක්ම වගේ "ඔටෝ ගියර්", එත් දන්නවාද මේ ඔටෝ ගියර් මුලින්ම හොයා ගත්තේ කවුද කියල.අපේ "අමරේ" අයියා තමයි ඔටෝ ගියර් මුලධර්මය මුලින්ම හොයා ගත්තේ ඒ වගේම අමරේ අයියගේ පරණ "බ්‍රිටිෂ් ලේලන්ඩ්" බස් එක තමයි මුල්ම ඔටෝ ගියර් වාහනය. මොකද හිනා වෙන්නේ, එක තමයි ඇත්ත. අමරේ අයියගේ බස් එක තමයි දවසකටවත් බස් එක.එක දවසක් වැඩ කරා කියන්නේ ඊලඟ දවස් දෙකම බස් එක හදනවා. අමරේ අයියාම තමයි බස් එක ගොඩ දාන්නෙත්. මේ නිසාම කට්ටිය බස් එකට "එදා වේල" කියල නම්කුත් දාල තිබුනා.( බස් එකෙන් හොයන සල්ලි ගෙදර වියදමට හා බස් එක නඩත්තුවට යන නිසාත් ඉතුරුවක් කල නොහැකි නිසාත් ) බස් එක නිසාම අමරේ අයියාට ඩ්‍රයිවින් වැඩේ වගෙම මිකැනික් වැඩෙත් හොදට පුලුවන්.බස් එක ඇතුල කළුවර නිසා "ගණ අඳුර" කියලත් සමහරු කිවුවා. මේ ඔක්කොම බස් එකට මිනිස්සු දාපු නම්, එකක් වත් අමරේ අයියාට ඇහෙන්න කියපුවා නෙවේ.
මේ බස් එක විශේෂයෙන්ම කන්දක් නඟිද්දි හරි පල්ලමක් බහින වෙලා වෙදි හරි එක පාරටම ගැස්සිලා එංජින් එක "රේස්" වෙනව මහා හයියෙන්. බස් එක වලක වැටුන හැම වතාවකම වගෙත් මේ දේ සිදුවුනා. ඒකට හේතුව තමයි ගියර් පෙට්ටිය ගෙවිල පරණ නිසා, වලක වැටෙන කොට ඒක ගැස්සෙනව එතකොට ඉබේම ගියර් එක මාරු වෙනව. කන්දකදි හරි පල්ලමකදි හරි බස් එකේ එක පැත්තක් ඉස්සෙන නිසා වෙන්නෙත් මේකම තමයි. ඉතින් මේකට තමයි ඔටෝ ගියර් කියන්නේ.
හොදම වැඩේ කියන්නේ, දවසක් අපේ ගමේ පන්සල බලන්න ආව සුද්දෙක් ගියා අමරේ අයියගෙ බස් එකේ. මිනිහා ජපන් කාර් කොම්පැනියක ලොක්කෙක්, පරික්ෂන හා නිපැයුම් කියන අංශයේ. බස් එකේ යන අතරේ දැක්කා මේ සිද්ධිය. ගියා ජපානෙට සුද්දත් හැදුව ඔටෝ ගියර්, හැබැයි එංජින් එකේ භ්‍රමණ වේගය වෙනස් වෙනකොට ගියර් එක මාරු වෙන්න.එහෙම නැතුව කඳු  නගිද්දි හරි පල්ලම් බහිද්දි හරි වෙනස් වෙන්න නෙවේ.
ඔන්න ඔහොමයි ඔටෝ ගියර් භාවිතයට ආවේ. නමුත් එකේ මුලික සැලසුම්කරු හා නිපැයුම්කරු අපේ අමරේ අයියා තමයි.මට නම් තාමත් හිතෙන්නේ සුද්දගේ එකට වඩා අමරේ අයියගේ බස් එකේ ගියර් මරු වුන ක්‍රමය තමයි ඔටෝ ගියර් වලට හොදම. මොකද හිතන්නෙ ?

No comments:

Post a Comment