Wednesday, June 1, 2011

රියදුරු දැතට දෙවි රැකවරණයි !…

ඉවරයක් නැතුව යෙදුන වැඩ ගොඩක් නිසා කලෙකින් වාඩියට ගොඩ වෙන්න බැරි උනා… මොනවා කරන්නද ඉතින්… කොහොමින් කොහොම හරි ආපහු පරණ පුරුදු විදියට ආපහු ලියනවා.

මම පහුගිය දවසක මගේ පැටික්කි බලලා එන්න ගමේ ගියා නෙව. නිල ප්‍රවාහන සැපයුම්කරු විදියට තෝරා ගත්තේ තංගල්ල – කොළඹ පුද්ගලික බස් රථයක්.කටුබැද්ද හරියේදි මේ බස් එකට තවත් මාතර – කොළඹ බස් එකක් සෙට් උනා. ඔන්න දැන් බස් දෙකම මහා ධාවන තරගයක. මේ අතරේ මම යන බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි පස්සෙන් එන මාතර – කොළඹ බස් එකට බනිනවා. " ඉස්සර වෙලා ආව නම් යන්න ඕන… මොන මගුලක් කරනවද මන්ද… උඹ අරූට කිවුවෙ නැද්ද ඉන්න එපා අපිත් එනව කියල… කිවුව බන් කිවුව. කලින් දවසෙත් ඕකම නේ උනේ… මම දැන් කීදවසක් කිවුවද…"

දැන් බස් එක එන්නේ කළුතර හරියේ. දෙතුන්වතාවක්ම දෙගොල්ලො පාර මැද නවත්වගෙන බැණත්තේ හොද වචන වලින් නෙවෙයි. බස් වල සෙනඟ ඉන්නවා කියල කාටවත් ගානක් නෑ. බස් වල සෙනඟට මේ සිද්ධවෙන දේවල් එච්චර ඇල්ලුවේ නැති උනත් මටනම් වැඩේ අල්ලලා යනව මොකද වෙනදා වගේ නෙවිනේ. මාර  "happening" වෙනදට ඉතින් නිදා ගන්න එක නෙ කරන්නෙ අද එහෙම නැ… ඊලඟට මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නවා. පාරේ යන්න එන සෙනඟ බස් වල ඉන්න සෙනඟ ගැන කටවත් කිසිම හැගිමක් නෑ… මේක නවතින්නෙත් නැ…

" කෝ බන් මු යන්නේ නෑ නේ… ගනින් බොස් ට කෝල් එකක් … කියපන් සීන් එක… මොන මගුලක් ද මේ… හැමදා රේස් පදින්න බැහැනේ…" මෙහෙම කියන්නේ අපි යන බස් එකේ "ඩ්‍රයිවර් මහත්මයා".

" ඔව් අය්යේ… අපිට යන්න දෙන්නෙත් නෑ… උන් යන්නෙත් නෑ… ඔව්… එක නොමල් එකක්… කවුරුවත් අපේ සෙමියට නගින්නේ නෑ… මෙකා පස්සෙන්ම තියාගෙන එනවනේ…කිව්වා… අපි දෙන්නම කිවුව… දැන් දවස් කීයක් කිවුවද…" ගෝලය වැඩේ නියමෙට පත්තු කරනව.

" කමක් නැද්ද… ඔව් දැන් වෙන කරන්න දෙයක් නෑ… ඔන්න අපි එහෙම නම් එහෙම කරනව…. දැන් දවස් කීයක් නම් කිවුවද …"

බස් එක නතර කරා වංගුවක් ලඟ. දැන් අනිත් බස් එකත් පස්සෙන්ම එනවා. ඒ බස් එක (මාතර – කොළඹ ) ඉස්සර කරල යන්න හදන කොටම මේක ගිහින් ඒ බස් එකේ හැප්පුවා. මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ යකා කරේ කියලා. හිතන්න පැයට කී.මි 90 ක 100 ක වේගෙන් එන බස් එකක තව බස් එකක් හැපෙනවා කියන්නේ, බස් එකේ ඉන්න සෙනඟ, පාරේ යන එන අය, අනෙත් වාහන ඒවයෙ ඉන්න අය මේ කවුරුවත් ගැන හිතන්නේ නැ. සල්ලි පස්සෙම එලවනවා. අඩුම තරමේ තමන් හම්බ කරගෙන කන වාහනේ ගැනවත් හිතන්න එපාය…

කොහොම හරි බස් දෙකම කළුතර පාලම උඩ චෙක් පොයින්ට් එකේදි නවත්වලා පොලීසියට අරගෙන ගියා. අනික් බස් එකේ කෙනෙක් 119 ට කෝල් කරලා. බස් දෙකේම ආපු සෙනඟ උනේ ඊලගට ආව බස් වල හරිම අමාරුවෙන් බඩු මුට්ටු අතින් කටින් එල්ලගෙන, පොඩි දරුවෝ කරේ තියාගෙන, හිටගෙන තමන්ගේ ගමනාන්තයට යන්න.

No comments:

Post a Comment