Wednesday, June 1, 2011

ජාත්‍යන්තර (නො )හැදියාව

ස්ලිට් එකෙන් කලින්ම මාරු වෙලා 138ක එල්ලුනෙ ඉක්මනට වාඩියට එන්න හිතා ගෙන. ඒ දවස් වල මගේ වාඩිය තිබුනේ කොට්ටාවෙ. මරු ටයිම් එක, ආවේ හිතේ හැටියට වාඩි වෙලා එන්න පුලුවන් ලංගම බස් එකක්. ග්ලාස් හවුස් වලින් හරවල තර්ස්ටන්, කැම්පස් පහුකරල ( ඒ දවස් වල 138 ගියේ එහෙමයි ) තුම්මුලට සැපත් උනා. මමත් පොඩි ඇලා පාරක් එහෙම දාගෙන එනව. පොලිස් පාර්ක් ලගින් බස් එකට නැග්ගෙ ජාත්‍යන්තර පාසල කට යන මානවිකවෝ තිදෙනෙක් සමග අමුතුම ආකාරයට හැද පැලද ගත්ත මානවකයෝ දෙදෙනෙක්.

මුන් ටික බස් එකට නැග්ග විතරයි එක ඇතුලේ තිබුනු නිස්කලංක ගතිය කොහෙන් ගියද දන්නෙ නෑ. කියවන ව කියවිල්ලක් ඉවරයක් නෑ. කොල්ලො දෙන්නට වැඩිය හපන් කෙල්ලො තුන්දෙනා, දවසක් ඒ කෙල්ලො දෙන්නෙක් ගෙ පස්සෙ කොල්ලෙක් ඇවිත්. මේක ඉතින් අනිත් අයට කියනව කියන්නෙ මෙලෝ යකෙකුට ( ඉන්ගිරිසි දන්න ) අහගෙන්න ඉන්න පුලුවන් විදියට නෙවෙයි. වචන 10 ක් කිව්වොත් වචන 5ක් අමු තිත්ත කුණුහරුප. හැබැයි කාටවත් තෙරෙන්නෙ නෑ මොකද කියන්නෙ ඉංග්‍රිසි යෙන් නෙ. මුලු බස් එකටම ඇහෙනව, කිසි අවුලක් නෑ කවුරුවත් මොනවත් කියන්නෙ නෑ (නොතේරෙන නිසාද එහෙම නැත්නම් කියල වැඩක් නැති නිසා ද කියන්න දන්නෙ නෑ ). ඒ කොහොම උනත් ඔන්න ඔක තමයි කතාන්දරේ. හැදියාව, විනය, අන්තිමයි හැබැයි ඉංග්‍රිසි දැනුම නම් උපරිමයි.

No comments:

Post a Comment